IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


කලා භවනේ අලුත් වැඩියාවට වැඩිපුර සල්ලි දෙයි

(අංජුල මහික වීරරත්න)

ජාතික කලා භවන වැඩි දියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික කලා භවන වැඩි දියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අතර ව්‍යාපෘතියේ සියලු කටයුතු 2024 වර්ෂය තුළදීම අවසන් කිරීම පිණිස 2024-02-19 දින පැවති අමාන්‍ය මණ්ඩල රැස්වීමෙදී අනුමැතිය ලබා දී ඇත. 

එහෙත්, එම කටයුතු පසුගිය වර්ෂයේ දී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති අතර 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ ඒ සඳහා රුපියල් මිලියන 120 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. 

එහෙත්, ව්‍යාපෘතියේ වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කිරීම සඳහා එම ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්, තවදුරටත් රුපියල් මිලියන 32 ක අමතර මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය බවත් මේ වන විට හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව, ජාතික කලාභවන නවීකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අමතර අයවැය ප්‍රතිපාදන සලසා ගැනීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කලා භවනේ අලුත් වැඩියාවට වැඩිපුර සල්ලි දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 404 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16744 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site