|
තාරකා රඟපෑම තෝරා ගත්තෙ? ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
නැහැ, කුඩා කාලයේ ඉඳලාම වැඩිපුර ආසා කළේ නර්තනයට. ඒ නිසා නර්තනය හැදෑරුවා. ජවි කල්‍යාණිය වීමෙන් පසුව රඟපෑමට ආරාධනා ලැබුණා. රඟපෑම තෝරා ගත්තෙ ඒ නිසයි.
ඉගෙන ගත්තෙ මොන අරමුණක් ඇතිවද?
පුංචි කාලයේ ඉඳලාම රංගනයට කලා අංශයට ආසා කළා. උසස් පෙළ විභාගයට මුහුණ දුන්නෙ කලා අංශයෙන්. කලාවට ආසයි.
ඒවගේම ආදරෙයි. ”සුබා” රඟපෑවට පස්සෙ මගේ හැකියාවක් තියෙන බව වැටහුණා. දිගටම රඟපෑම තෝරා ගත්තෙ ඒ නිසයි.
රඟපෑම ලෙහෙසිද?
හරිම අමාරුයි. යම්කිසි චරිතයක් ආරෝපණය කරගෙන, පේ‍්‍රක්‍ෂක මනස හා බැඳි පේ‍්‍රක්‍ෂකයාට එය දැනෙන ලෙස කිරීම වගකීමක්.
ලස්සන නිසාද රඟපෑම තෝරා ගත්තෙ? නැත්නම් දක්‍ෂයි කියලා හිතන නිසාද?
මුලින්ම නම් රඟපෑම තෝරා ගත්තෙ ආසාව නිසයි. හැබැයි හොඳ නිර්මාණ සහ හොඳ චරිත ලැබුණාම දක්‍ෂතාවය ගැන හිතුවා.
රඟපෑමේ ප‍්‍රවේශය පහසු වුණාද? මුල්ම අවස්ථාව දැනුණෙ කොහොමද?
සුබා නාට්‍යයේ චරිතය රඟපෑවේ හරි සතුටකින්. ඒ වගේම හරිම සැහැල්ලූවකින්. ආධුනික බව නිසා එහෙම හිතෙන්න ඇති. ඒත් දින කීපයක් යන කොට තමයි එහි ඇති බැරෑරුම් බව දැනුණෙ. එදා ඒ නාට්‍යයේ රඟපාද්දී ප‍්‍රවිණයන්ගෙන් සහ අධ්‍යක්‍ෂ සමන් කුමාර ලියනගේ ඇතුළු පිරිසගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළයි.
රඟපෑම සඳහා ආසාව සහ ලස්සන විතරක් තිබීම ප‍්‍රමාණවත්ද?
එය ප‍්‍රමාණවත් කියලා හිතෙන්න පුළුවනි. ඒත් රැඳෙන්න අමාරුයි.
ඇයි ඒ?
දක්‍ෂතාවය සහ වාසනාව ඒ වෙනුවෙන් තිබෙන්නට ඕනෑ.
ඒ අතින් ඔබ වාසනාවන්තද?
එහෙම හිතනවා.
කොහොමද එහෙම කියන්නෙ?
ආසාව ඉටුවුණා. මේ දක්වා ලැබුණෙ හොඳ චරිත. හොඳ නිර්මාණ. ඒ වගේම හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබීමත් ලොකු වාසනාවක්.
හැමෝගෙන්ම සහයෝගය ලැබෙන්න ඔබ සතු විශේෂිත ගුණය හැටියට දකින්නෙ?
ආධුනිකයින් විදියට අප සතුව ගරුත්වය සහ සහයෝගය තියෙන්න ඕනෑ. එය කලාව හෝ ජීවිතයේ ඕනෑම දෙයකට බලපාන යහපත් දෙයක්.
වත්මන් පරපුරේ ආධුනික අය හදා ගත යුතු දේ හැටියට ඔබ දකින්නෙ මොනවගේ දේවල්ද?
බොහෝ ආධුනික අයගෙන් වරදක් නම් මා දකින්නෙ නැහැ. ඒත් සමස්තයක් හැටියට ගත්තොත්, විනය හොඳින් තබා ගැනීම ඉතා වටිනා දෙයක්.
ඔබ විනය ගරුකද?
එහෙම හිතනවා.
එතැනින් එහාට ඔබ ගැන ඔබ හිතන්නෙ කොහොමද?
නිහතමානීව සරල ජීවිතයක් ගෙන යන හොඳ කෙනෙක් කියලා හිතනවා.
මුලදි එහෙම වුණාට” මුදල් සහ ජනපි‍්‍රයත්වය ලැබෙන්න ලැබෙන්න සමහරු මුල අමතක කරනවා’ ඔබ?
ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. නමුත් ජනපි‍්‍රියත්වය සහ මුදල් ලැබීම මත ජීවිතය එතැනට ලඝු කළයුතු නැහැ. හොඳ සාර්ථක ගමනක් යන්න පුළුවන් නම්, ජීවිතය අර්ථවත් වෙන්නෙ එතකොටයි.
”කැලෑ හඳ” චිත‍්‍රපටය එකල ඉතා ජනප‍්‍රිය වූ වාර්තා තැබූ නිර්මාණයක්’ එදා රුක්මණී දේවිය රඟපෑ චරිතය මෙදා ඔබට ලැබීම ගැන හිතන්නෙ කොහොමද?
ලොකුම අභියෝගයක්. කැලෑ හඳ කියූ විගස රුක්මණී රඟපෑ චරිතය වගේම ජෝන් ජයපාල චරිත තමයි අදටත් මිනිිසුන්ට මතක. ඒ නිසා මාලනියගේ චරිතය රඟපෑම වෙනුවෙන් මටත්, ජෝන් ජයපාලගේ චරිතය රඟපාන අරවින්ද දොඹගහවත්තටත් විශාල කැප කිරීමක් කරන්න සිදු වුණා. මම හිතන්නෙ අපි දෙන්නම ආධුනිකයින් ලෙස එම චරිත දෙකට කළ හැකි උපරිමය කළා. අධ්‍යක්‍ෂ උපුල් ප‍්‍රජාත් ඇතුළු සියලූ දෙනා අපට උදව් කළා.

එහි ජනප‍්‍රිය ගීත එහෙමත් ඇතුළත් එහි ඔබගෙ සිත්ගත් ගීත මොනවාද?
මැවිලා පෙනේවි සහ මෙහි තේමා ගීතයවන, අන්න සුදෝ ගීතයටත් මම හරි ආසයි.
ඉදිරි රඟපෑම් මොනවාද?
අකඩවාරිය, චන්දකින්නරාවි, සෙවණැලි මායාව, පෙම් සිත දැහැමින් සහ තවත් නිර්මාණ කීපයකට එක්ව සිටිනවා.
ඔබගෙ සැබෑ ජීවිතයෙ පෙම් සිත දැහැමින්ද?
අපොයි ඔව්.
කොහොමද දැහැමි කර ගත්තෙ?
මගෙ පාඩුවෙ ඉන්න කෙනෙක් නිසා. මාත් දැහැමියි, මගේ හිතත් දැහැමියි.
පවුලෙ විස්තර කිව්වොත්?
තාත්තා ව්‍යාපාර කටයුතුවල නියැළෙනවා. අම්මා මගේ ජීවිතය පුරා සිටින ලොකුම හෙවනැල්ලයි. අක්කා විදේශගතව රැකියාව කරනවා.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැලෑ හඳේ මාලනීගේ චරිතය දැඩි කැපවීමෙන් කළා
කමල් Tuesday, 30 April 2013 01:50 PM
ලස්සන වගේම නමත් රැක ගන්න.(ස)
ජයන්ත Monday, 29 April 2013 08:48 AM
බලන්න කට්ටිය නැතිවෙනකොට අපේ කලා ක්ෂේත්‍රයේ කඩා වැටීම කොයිතරම්ද කියලා. කවුද වැරදි? (නි)
නෙතුමි Saturday, 27 April 2013 10:45 PM
ලස්සනට ඉන්න සුබ පතනවා! (නි)
මධුෂානි Thursday, 02 May 2013 01:24 PM
අනිවාර්යයෙන්ම බැලිය යුතුයි...!( නු)
සඳරුවන් Monday, 29 April 2013 03:39 PM
ඇස් දෙකට කාච දාල නේද?.ඇටිකුකුළෙක්ගේ වගේ ඇස් දෙක රතු පාටයි. (ස)
දයා Saturday, 27 April 2013 04:10 PM
බොහොම ලස්සනයි. (නි)
චමිල Monday, 29 April 2013 11:32 PM
සෙලින්කෝ වගේ ආයතනයක ලොක්කෙක් උනානම් කියල හිතෙනවා මටත්.(නදී)
සඳරුවන් Thursday, 02 May 2013 02:03 PM
ඇයි මේ අක්කා මුස්ලිම් තොප්පියක් දාලා?(ස)
සමන්තා පෙරමුණ Sunday, 28 April 2013 04:53 PM
මම ඔබේ රංගනයට ආසයි.කලාව තුලින් හොද දිගු ගමනක් යන්න සුභ පතනවා. (නි)