IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කරාපිටිය රෝහලේ ගිලන් රථ හයක් ලෙඩ වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කරාපිටිය රෝහලේ  ගිලන් රථ 11න් වැඩ කරන තත්ත්වයේ තිබෙන්නේ පහක් පමණක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

අතීතයේ සිටම වෙදකමට හෙද කමට ලංකාව නමක් දිනා සිටියා.කඩා වැටුණු අපේ සෞඛ්‍ය සේවය හිඟන්නාගේ තුවාලේ වගේ සම්පූර්ණයෙන්ම සුවය ලබා නැහැ. රෝහල් වල අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ වල දැඩි හිඟයක් තිබෙනවා. ඖෂධ කාණ්ඩ සීයක පමණ හිඟයක් තිබෙන බව ආරංචියි.රෝග හඳුනා ගැනීමට භාවිතා කරන බොහෝ උපකරණ අක්‍රීය වී තිබෙනවා.කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් අක්‍රීය වී තිබෙනවා.තුවාල මහන්න ගන්න නයිලෝන් වල හිඟයක් තියෙනවා.හෘද  සැත්කම් සඳහා සී.ටී සහ එම්.ආර්.අයි පරීක්ෂණ කරන්න විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා. කරාපිටිය රෝහලේ පිළිකා ඖෂධ වල දැඩි හිඟයක් තියෙනවා. කරාපිටියේ දන්ත එක්ස් කිරණ පරීක්ෂණ ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා යනුවෙන්ද ගයන්ත කරුණාතිලක මහතා කීය.



අදහස් (3)

කරාපිටිය රෝහලේ ගිලන් රථ හයක් ලෙඩ වෙලා

බද්රානි Tuesday, 21 October 2025 04:20 PM

අනේ! ඒ උනාට ඔය කැඩුණු ගිලන් රථ වලට නම්, හර්ෂ මන්ත්‍රී වරයා ගෙන් අවසරයක් ගන්නේ නැතිව අත තියන්නවත් එපා...සුවසැරිය ගිලන්රථ සේවාව එතුමාගේ බුදලයක් කියලා තමයි හිතාගෙන ඉන්නේ...මොනා උනත්, ඒ කාලේ ලංකාවේ තක්කඩි දොස්තරලගේ කීමට රැවටිච්ච සමහරක් ජේවීපී කාරයොත් මේ සේවාව ලංකාවට ගේනකොට කිව්වේ මේ හරහා ඉන්දියාවේ "රෝ" රහස් ඔත්තු සේවය ක්‍රියාත්මක වෙනවා කියලනේ...නමුත් පවතින රජය මාලිමා ආණ්ඩුවක් නිසා, ඒ ගැන අපි දොස් කිවයුතු නැහැ... මෙතෙක් පැවති සියලුම රජයන් යටතේ සෞඛ්‍ය සේවාවටට විවිධ සේවාවන් කලත්, ලංකාවේ දොස්තර මාෆියා කල්ලිය (GMOA) විසින් ඒ සියල්ල විනාශ කළා... ඒ නිසා, දොස්තර මාෆියාව මේ රටින් තුරන් කිරීමට මේ රජය වහා පියවර ගත යුතුයි...දොස්තර මාෆියාවට එරෙහිව නිර්භීතව සටන් කොට, ජනතාවට සුවසරිය ලබා දුන් හර්ෂ මැතිතුමාට ස්තුති වේවා!!

:       0       2

වින්සන්ට් කජ්ජා Tuesday, 21 October 2025 06:14 PM

බංකොළොත් කරපු රටක ලක්ෂණ. හවුල්කාරයෝ කිඹුල්ලු වගේ අඬන එක ඊට වඩා බංකොළොත් දේශපාලනයක්.

:       0       5

ගුණරත්න Tuesday, 21 October 2025 08:30 PM

මිනිස්සුන්ගේ බදු මුදල් වැය කරන්නේ රිලවු ගණන් කරන්නයි ත්‍රිපෝෂ කඩ දාන්නයි තමයි

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site