ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඩීසීඩී හෙවත් ඩයි සයනයිඩිමයිඩ් රසායනය නැතැයි ද, ඒ ගැන  නිවැරදිව පරීක්ෂා කිරීමට රසායනාගාර පහසුකම් ශ්‍රී ලංකාවේ නැතැයි ද කියන කතාව වැරදි බව ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.

කිරිපිටි හා අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් එම ආයතනය පැවැත්වූ පරීක්ෂණ සියයට සියයක් නිවැරදි බව ද එම ආයතනය පවසයි.

මෙම පරීක්ෂණ ගැන තාක්ෂණ ආයතනය පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ හතේ කාර්මික තාක්ෂණයේ දී බ්‍රහස්පතින්දා උදේ පැවැත්වීමට යයි.

ඇමැති පාටලී චම්පික රනවක, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය විමලධර්ම අබේවික්‍රම, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ලියනගෙදර සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරයෝ ද සහභාගී වීමට නියමිතය.

ඩීසීඩී යනු ගව  මුත්‍රා නිසා තනබිම්වලට  නයිට්‍රජන් අහිමිවීමේ  පාඩුව පිරිමසා ගැනීම සදහා කිරි ගොවියන් විසින් යොදනු ලබන රසායනයකි.