කරන්දෙණිය ත්‍රිත්ව මිනී මැරුමට දරුවන්ගේ පියා සැකකරන බව පොලීසිය කියයි. හිර දඬුවම් විදි බව කියන එම පුද්ගලයාගෙන් ඈත්වී ජීවත්ව සිටියදී මේ අපරාධය සිදුවී ඇතැයි පොලීසිය පවසයි. දින කිහිපයකට ඉහතදී ඔහු හිරෙන් නිදහස්ව පැමිණි බව ද දැනගන්නට ඇත.
එක් දරුවකුගේ ගෙලෙහි කැපුම් තුවාල ඇතත් සිරුරු බෙහෙවින් නරක් වී ඇති බැවින් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අවසන්වනතුරු අනෙක් දෙදෙනා මරා දැමූ ආකාරය ගැන ස්ථිරවම පැවසිය නොහැකියැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද රටේ මිනිස්සු නීතියට බය නැතුව මේවා කරන්නේ ?මගේ අදහස නම් මුළු ලංකාවටම රටේ නීතිය ඉගැන්විය යුතු වෙනවා. අපේ රටේ නීතිය දන්නේ පොලිසියේ වැඩ කරන මහත්වරු විතරයිනේ. (නි)
බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකා දීපය,....... බුදුන්, දහම්, සඟුන් සරණේ වැඩුණු දේශය............... මොකක්ද සිරි ලංකාවට උන විනාශය......... මේ ලෙඩේ හැදුනු හැටි ඇහුවම නැහැනෙ උත්තර..........(ස)
ලංකාවට මහා විනාශයක් අත ළග... (නි)
තෙන්නකෝන්, නිතිය ඉගැන්නුවාට වැඩක් නැහැ, එය හරියට ක්‍රියාත්මක නොකර. පොලිසියේ මහත්වරු රටේ නිතිය දන්නවා වුණාට නොයෙකුත් හේතුන් මත ඔවුහු එම නිතිය ක්‍රියාත්මක නොකරති. පොල්ගෙඩි හොරකම් කරපු අසරණ පාසල් සිසුවියක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අතර මැරවරකම් කරන ඇමති පුතුන් දැක දැකත් අහක බලා සිටිති. කළුතර බෝධිය අසල පදික වේදිකාවේ මල් විකුණන අසරණයින් අත් අඩංගුවට ගැනීමට උත්සුක වන අපේ පොලිසිය මිනිමරුවන්, ස්ත්‍රී දුෂකයින්, බාල අපරාධකරුවන්, කුඩු කාරයින් ඇල්ලීමට මැලි වෙති. (නි)
අද අපේ රටේ හාමුදුරුවරුන්ගෙන් දේශ පාලන පක්ෂ රැකගන්න කරන කැප වීමෙන් 5% ක් වත් අහිංසක සිංහල මිනිස්සුන්ව රැකගන්න යොදනවානම් ( බුදුන් වහන්සේ දෙසූ ආකාරයට ) අපේ රටට මේ වගේ වන්නේ නැහැ. අහිංසක සිංහල ජනතාව අද නිවැරදි ආගමික හෝ දේශපාලන නායකත්වයක් නැතිව අසරණ වෙලා. අපේ මිනිස්සු මනෝ මුලිකව සමාජය තේරුම් අරන් ජීවත් උණු අය. යුරෝපීය ජාතිකයෝ වගේ විෂය මුලිකව නෙමේ. එම නිසා නීති වලට වඩා , හදවත් වලට කතා කරන්න අපේ ගරු හාමුදුරුවරු ගම් මට්ටමින් , ගෙයක් ගානේ වැඩම කරනවානම් අපේ ජාතිය ආයෙමත් වාසනාවන්ත වේවි.(නදී)
රකිත්, යකඩ හොරුත් සමග පොලිසිය එකටම හිටියත් අල්ලන්නේ නැත්තේ ඒකනේ. (නි)
රටකට ගිය කලක්.. (ස)
ප්‍රියා ඔයා අප්‍රියයි.(නදී)
ඇමතිවරුන් හොරකන් කරනවා උන්ගේ පුත්තු පාතාලේ මෙහෙවනවා. පළාත් සභා මන්ත්‍රීවරු මිනි මරනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ළමා දුෂන සහ පොලිසියට ගහනවා. (නදී)
බලදරයිනි, මෙරට නීතිය ක්‍රියාත්මක කරන්ඩ. එල්ලුම් ගහට ජනාදිපති ඇත්සන මොකටද, නඩුකාර තුමන්ලා දෙන තින්දු ක්‍රියාත්මක කරන්ඩ. මී වෙනුවෙන් ජනමත විචාරනකට යන්ඩ.(නදී)
සිංහලකම සහ බෞද්ධකම ලංකාවෙන් තුරන් කරනු! මේ හැම දෙයකටම මුල මේ විෂබීජයයි. (නි)
මරණ ය දණ්ඩනය යලි ක්‍රියාත්මක කළ යුතුය. කොච්චර කිව්වත් ප්‍රතිචාර දැම්මත් වැඩක් නැහැ. (නදී)
මරණ දඬුවම තවම නැහැනේ. ධර්මයෙන් ගිය ඇති දැන්. (නි)
කහවත්ත ඉවරයි දැන් ඒ පාර කරන්දෙනියද ? (ස)
අවිහිංසාව ව මතම පදනම්වී රටක අපරාද අඩුකළ නායකයන් ලෝක සිතියමේ කොතනකවත් සොයා ගැනීමට නොහැකිය. මහත්මා ගාන්ධි කෙනෙක් වෙන්නට තව නායකයෙකුට හැකිවේවිද?
විවෘර්ත ආර්ථිකයෙන් ඔඩු දුවපු. සිත් සතන් ,ජරා ජීර්ණයට පත්ව විකෘර්තිව , දැඩි අසහනයකට පත්ව ඇති සමාජයකින් මෙවැනි දෑ නිරන්තරයෙන් බලාපොරොතු විය යුතය. (නදී)
අනේ බුදුන් තුන් වරක් වැඩි ධර්ම දීපයට ගිය කල මේකද මේ අශ්චාර්ය (ස)
මේවා ගැන කොච්චර අදහස් කීවත් තිරිසන් මිනිසුන්ගේවත් ,මොට්ට දෙසපලුන්ගේවත්, මහා ලොකු නීති විශාරදියන්ගේවත් අදහස් වෙනස් වීමක් නොවෙනකම් අපරාද සිද්ද වේවි. මම ඉන්නේ සෞදියේ,අත්තටමා සමහර දේවල් මේ රටේ නීතියේ බලවත්කම නිසා අපිට අහන්න ලැබෙන්න.. (ස)
විනීත කම ජීවිතය නිසිමග යාමට මගපෙන්වයි (ස)
හොදට කුරුඳු වගාකළ කරන්දෙනිය අද දෙවෙනි කහවත්තක් වෙලා අවසානයි. අම්මට මොකද උනේ ? නොදරුවන් බිලිගත්තේ ඇයි?(නදී)
පුදුම වැඩේ කියන්නෙ දැන් සිද්දවෙන්නෙම සමූල ඝාතනනෙ. ගොඩක් ඒවට සැක කරනව විතරයි. අනේ මන්ද?(නදී)
අල්ලගෙන ලාච්චුවට දාල දෙන දඬුවම දෙන්න ඕන.(නදී)
ඔක්කොටම හේතුව විවෘත ආර්ථිකයනම් හේතුව ඒක අයින් කරල දාලා ආයෙත් පරණ ආර්ථිකයට යන්න පුලුවන්නේ අරුණ.(නදී)
හිරගෙදරකට ගිහින් ආවට පස්සේ මිනිස්සු හිතාගෙන ඉන්නේ උස්සවීමක් ලැබුණා වගේ. ඊටපස්සේ ලොකු ලොකු වැඩ කරන්න පෙළඹෙනවා. (නි)
මරණිය දණ්ඩනය යලි ක්‍රියාත්මක කළ යුතුය. (නි)
දේශපාලනයට බැනලා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන් හොඳ වෙන්න. ජාතිය අනුන්ගෙන් බේරා ගන්න නෙවේ අපිට සේනාවල් ඕනේ, අපේ ජාතියේ දුර්වලකම් දුරලන්නය් ඕනේ. (ස)
නීතියක් රටේ නැද්ද? (නි)
කොච්චර කිවුවත් ප්‍රතිචාර දැම්මත් වැඩක් නැහැ.කෝ එල්ලුම් ගහ? මට මේවා හැමදාම කියලා කියලා එපා වෙලා. (නි)
කවිද මේ ප්‍රියා ? ජාතියක් ආගමක් නැති චරිතයක් වගේ. අතීතයේ යුද්ධ වලදි මැරුනු ප්‍රභාකරන් නැවත ඉපදිලාද ?(නදී)
බුදුන් තුන් වරක් නෙමෙයි සිය වරක් වැඩියත් මේ තිරිසන් ගති ඇති නොමිනිස්සු එදා ඉඳලම හිටියා. අමිල සුනන්ද, ඔබතුමාට අමතකද 71 / 89 කාලේ කොයි තරම් මළමිනී මහා පාරවල් වල තිබුනද කියලා. මේකද මේ ආශ්චර්ය කියලා අහන්න එපා. සෞදි අරාබියේ ඉන්න අය දන්නේ නැතුව ඇති සෞදියේ හිර ගෙවල් කීයක් තියෙනවද කියලා. අපේ රිසානා නංගී විතරක් නෙමෙයි සවුදියේ දං ගෙඩියට ගියේ. මේ වගේ තිරිසන්නු අපේ රටේ විතරක් නෙමෙයි ඉන්නේ. (නි)