IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානියට හේතුව කී‍්‍රඩා අමාත්‍යංශයේ ඇගිලි ගැසීමයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානියට හේතුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කාර්යයන් කෙරෙහි කී‍්‍රඩා අමාත්‍යංශයේ බලපෑම බව හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක සිදත් වෙත්තමුණි මහතා පවසයි.

”මේ කඩාවැටීමට ගොඩක් හේතු බලපාලා තියෙනවා. නමුත් මේ සඳහා ප‍්‍රධානම හේතුව කී‍්‍රඩා අමාත්‍යංශයේ අනිසි බලපෑමයි” යයි වෙත්තමුණි මහතා පසුගියදා කොළඹදී පැවති විශේෂ සංවාදයකදී පැවසීය.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වන එරාන් වික‍්‍රමරත්න මහතා විසින් සංවිධානය කරනු ලබන ”එරාන් සමග” සාකච්ඡවේ වෙත්තමුණි මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

කි‍්‍රකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම කි‍්‍රකට් අතුරු කමිටුවක සාමාජිකයකු වශයෙන්ද කටයුතු කර ඇති වෙත්තමුණි මහතා පැවසුවේ කිසිවකු යහපත් දෙයක් කිරීමට උත්සාහ කළහොත් ඔහුව කි‍්‍රකට් ආයතනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිළධාරීන් සෑම මාස හයකට වරක්ම ඉවත් කරනවා” යයිද වෙත්තමුණි මහතා පැවසීය.
ශී‍්‍ර ලංකාවේ මැතකදී ඉදිකරන ලද කී‍්‍රඩාංගණ කිසිවක් අත්‍යවශ්‍ය පහසුකම් වලින් සමන්විත නොවන බවද හෙතෙම පැවසීය. හම්බන්තොට සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණ වගේම දඹුල්ල කී‍්‍රඩාංගණයේත් පුහුණුවීම් සදහා අත්‍යවශ්‍ය ගෘහස්ථ කී‍්‍රඩාංගණයක්, ව්‍යායාම් ශාලාවක්, පිහිනුම් තටාකයක්, නොමැති බවත් පැවසීය.

”මෙම කී‍්‍රඩාංගණ ඉදි කිරීමේ ගැටඵවක් නෑ. නමුත් අවශ්‍ය පහසුකම් සහිත විය යුතුයි” යයිද වෙත්තමුණි මහතා අවධාරණය කරයි.
අතීතයේ මෙන් නොව වර්තමානයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ තත්වය වෙනස් වී ඇති බවත්, ඔවුන් සම්පූර්ණයෙන් වෘත්තීමය කී‍්‍රඩකයන් වී ඇති බවත් පවසන වෙත්තමුණි මහතා ...

”වෙනත් රටක දේශීය තරගාවලියක කී‍්‍රඩා කිරීම වෙනුවෙන් ඩොලර් ලක්‍ෂ 5 ක් වැනි මුදලක් ගෙවන විට කී‍්‍රඩකයන් එය හැරදමා රට වෙනුවෙන් කී‍්‍රඩා කරාවිද කියන එකත් යථාර්තවාදීව හිතන්න  ඕනෑ” යයිද පවසා සිටියේය.



අදහස් (0)

කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානියට හේතුව කී‍්‍රඩා අමාත්‍යංශයේ ඇගිලි ගැසීමයි

සුජීළු Sunday, 05 May 2013 06:43 PM

මහතාණෙනි, ඔබගේ අදහස් 100%ක්ම නිවැරදිය. ඔබට ගොඩක් ස්තුතියි මේ අදහස් ප්‍රසිද්ධියේ පැවසීම ගැන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site