පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස කෑම ඔතන කොළ (ලන්ච් ෂීට්) හා රිජිෆෝම් පෙට්ටි නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා නීති සකස් කර ඇති බවත් ඒ සඳහා ජනපති අනුමැතිය ලැබී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂක එච්. එස්. ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදී ඒ බව කී ප්‍රේමචන්ද්‍ර මහතා ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බව කීවේය.
‘පරිසරට අහිතකර මෙවැනි නිෂ්පාදන භාවිතයට පහසු නිසා හැමෝම පාවිච්චි කරනවා. පරිසරයට වෙන බලපෑම ගැන හිතන්නේ නැහැ. අපි මෙවාට විකල්ප එනකල් සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒත් විකල්ප එන්නේ නැහැ. මේක නැති වුණොත් ව්‍යාපාරිකයෝ විකල්ප හොයා ගනීවි. ඉන්දියාවේ පාවිච්චි කරනවා ගස්වල කොළ වලින් නිෂ්පාදනය කරපු බඳුනක්. මේ බඳුන පරිසර හිතකාමී එකක්. සති දෙකෙන් දිරනවා. අපේ රටෙත් මේ වගේ පරිසර හිතකාමී දේවල් තියෙනවා. ඒත් ඒ ගැන හිතන්නේවත් නැහැ. පොලිතීන් වගේ අහිතකර ද්‍රව්‍ය දිගටම පාවිච්චි කරනවා‘ යැයි ද ඔහු කීවේය.
මයික්‍රොන 20ට වඩා ඝනකම අඩු පොලිතීන් තහනම් කර ඇති නිසා නිෂ්පාදනය කරන හා විකුණන ස්ථාන සොයා වැටලීම් සිදු කරන බවද ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලංකාවේ අයට පමණක් මේ ලේසී ..ඊසී ක්‍රම වලින් මිදෙන්න බැරි ? අපිත් පිටරටවල ජීවත්වෙනවා උදේට වැඩට යද්දී ..කෑම එක අරන් යනවා ..බ්රේක් ටයිම් එකට කන්න හැමදාම සෝදලා ..පාවිච්චි කරන්න පුළුවන් ලන්ච් බොක්ස් එකක් පාවිච්චි කරනවා ..? මේ රටවලත් පොලිතීන් පාවිච්චි කරනවා එත් කිසිවෙකු මග පාරේ කොළ කබල්ලක්වත් දමලා යන්නේ නැහැ තමන් පාවිච්චිකලදේ සෑන්ඩ්විච් එකක හෝ කොලය කුණු බක්කියට දැමීමේ පුරුත්ද ඇත? කුණු බක්කි පිරිලා උතුරලා දුගද හමනකම්..මෙරටවල තියන් ඉන්නේ නැහැ ?මහජනයාත් තමන් අසල කුණු බක්කියක් නැතිනම් ඒ කොළ කැබැල්ල හෝ කවරය තම බෑගයේ දමාගෙන ..කුණු බක්කියක් හමුවෙන තැනකට හෝ නිවෙසට රැගෙන යාම පුරුද්දකි ?ලංකාවෙත් මහජනයාට මේවා පුරුදු කරන්න බැරි රටේ නීති නැති නිසයි ..?බසයේ යද්දී දරුවන්ට කවන බිස්කට් එකේ කොලේ අම්ම විසිකරන්නේ බසයේ ජනේලෙන් එලියට? දරුවත් කරන්නේ මුළු ජීවිත කාලේම ඒක? දඩ ගහන්න දිගට හරහට රටත් පිරිසිදුවෙයි .? රජයටත් නොවලක්විය හැකි ආදායමකි ? කැහැලා බිම කෙළගහන ..බුලත්විට කාල බිත්තිවල ලයිට් කනුවල චිත්‍ර අදින ,බුලත්විට කාල ටවුමේ බිම කාණුවල කෙල ගහන ..ඕවා නවත්වන්න රටේ නීති තියෙන්න ඕනේ ..?මහමග මළ මුත්‍රා කරන ..හැමට දඩ ගසා රටේ පවිත්‍රතාවය රැකගන්න නගර සභාවට එම දඩ මුදල් යාවෙන විදියටත් ..ඒ වා නගරයේම සංවර්ධනයට යොදාගන්න වැඩ කරන්න ඕනේ රටේ ඔලු තියෙන මිනිසුන්මයි ..රටේ අස්සක් මුල්ලක් නෑර ...බිම් අගලේ පවා පස්ටික කපාගෙන ගිහින් විකුණාගන්න විතරක් කොන්ත්‍රාත් කාරයෝ ප්‍රාදේශීය මට්ටමේ වැහිවහැලා හිටියට මදි ?????(හේ)
මේවායින් වන විනාසය ගැන උදේ හවස නන් දොඩවන ගුවන් විදුලි නාලිකා තුලින් හරි ජනතාව දැනුවත් කරන්න. මොකද මිනිස්සු දැන් අහන්නේ ඒවා නිසා.(හේ)
වැඩේනම් හුගක් හොදයි ක්‍රියාත්මක වෙනවානම්..! මොකද නීති පනත් ඔක්කොම තියෙනවා.. ඒත් වැඩේ හරියට වෙන්නේ නැති රෝගයක්නේ ලංකාවේ තියෙන්නේ ඒකයි.(හේ)
ඔයාම කියනවා විකල්පයක් එනකම් බලාගෙන හිටිය කියල. ඒ කියන්නේ විකල්ප හෙවීමේ වගකීම ඉටු නොකර ඔහොම බකන්නිලා ගෙන ඉඳලා දැන් ජනතාවට දොස් කියනවා.(හේ)
ලාංකීය ජනතාවට නිර්මාණශීලි හැකියාවක් නැත්තේ ඇයි? තමා ජීවත්වෙන පරිසරයට අනුව නීතිරීති සකස්වෙලා නැතිකමද? ලෝකය කරන්න යන දේ කරන එකද? චිත්‍රපට වල වෙන දේවල් කරන්න යන එකද? අධ්‍යාපනයේ වරදක්ද? ලොකුකමද? ඉන්දියාවේ සහ බටහිර රූකඩයක්ද? (නි)
යුරෝපයේ රටවල් විදේශයකින් අපද්‍රව්‍යය ආනයනයකොට එම අපද්‍රව්‍යය කළමනාකරණය කිරීම වෙනුවෙන් විදේශ රටවලින් මිලක් අයකරන අවස්ථා තියෙනවා. ලංකාවේ එවැනි මානසිකත්වයකට ඒමට තව කොච්චර කල්යයිද? ළඟ තියෙන දෑ ගැන පමණක් හිතා හෙට ගැන නොසිතන එකයි වෙලා තියෙන්නේ (නි)
ජපානෙන් ගෙන්නන පරණ බඩුවලට මොකුත් කියන්න බැරි, ඒගොල්ලෝ ලංකාවේ පාරවල්, පාලම් හදාදීලයි ලංකාවට කුණු එවන්නේ. ලංකාවට වෙලා තියෙන්නේ ගනුදෙනු සඳහා රටක් ලෙස යම්කිසි ගුණාත්මක පදනමක් නැතිකමද? සිංහලයන් ඔවුනොවුන් අතර ආරවුල්, සිංහලයන් ද්‍රවිඩයන් අතර ආරවුල්, ඉතින් කොහෙද අපද්‍රව්‍ය කළමනාකරණය ගැන හිතන්නේ? (නි)
කෙසෙල්, කැන්ඳ, තේක්ක, නෙලුම් ආදී කොළ පාවිච්චි කළ හැකිනේ. (බ)
පොලිතීන් නිෂ්පාදන කොහොමත් පරිසරයට අහිතකර නිෂ්පාදන ඛනිජ තෙල් අතුරු නිෂ්පාදන ලෙස මේ දේවල් පවතින්නේ මිනිස් ශරීරයට ඉතාම අහිතකර නිෂ්පාදන, සත්තු වුණත් මේවා කෑවාම මැරෙනවා. එ නිසා තහනම් කරන එක හොඳයි (ම)
කොහොම වුනත් පත්තර කොලවල එතුවොත් කිසිම කෑමක් කන්න එපා.(හේ)
ඔව් ඔව් ඊට පස්සේ හබරල කොළවල ඔතල කාපල්ලා, ඒවා ඊටත් වඩා ගොඩාක් විසය.(බ)
බොහොම හොඳයි.සියලුම ගංගා අවට පරිසර, මිනිසුන් බහුලව නැරඹීමට යන පාරිසරික පද්ධති සියල්ලම පාහේ විනාශවී ඇති ලොකුම හේතුව ප්ලස්ටික් බෝතල් සහ ,ලන් ශීට්.විකල්ප සෙවිය යුතුමයි.(හේ)
කෙසෙල් කොළවල ඔතන්න පුළුවන්නේ. එතකොට නෙළුම් කොළ, කෑම පෙට්ටි පාවිච්චි කරන්නත් පුළුවන්.(හේ)