IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොබවක හිමිගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

(ගයාන් සූරියආරච්චි)

කතරගම, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සදහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත පොලිස් නිලධාරීන් 17 දෙනකු අනුයුක්ත කර ඇති බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨළුල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනකු හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියකුද යොදවා ඇති බවත් පොලිසිය කියයි.

මීට අමතරව කතරගම දේවාල පරිශ්‍රය තුළ යුද හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කර ඇති අතර එම යුද හමුදා අනුකණ්ඩයෙන්ද කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව එම නිවේදනයේ සදහන්වේ.

 



අදහස් (8)

කොබවක හිමිගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

ජලනි Friday, 24 October 2025 06:37 PM

වෙන හාමුදුරුකෙනෙක් ඔතැනට පත්කරලා පොලිසි, ආමි අයින් කරන්න...

:       57       5

KesaraSaturday, 25 October 2025 09:47 PM

අගරදගුරුතුමාට 50ක ආරක්ශාවක් දීලා තියෙනවා. ඒකට කමක් නෑ. ආගමික නායකයෙක්නේ. එතුමාට තර්ජන තියෙනවා. ඒත් ඇයි පන්සලට දෙන්න බැරි...? මෙතැන සල්ලි ගැවසෙන තැනක්. ඒ වගේම ලක්ෂ ගාණක් මිනිස්සු ‍රැ‍ඳෙන තැනක්. කවුරු ආවත් එතැනට ආරක්ශාවක් ඕනෑ. අන්‍යාගමිකයන්ගේ ආගමික ස්ථානත් මේ ආසන්නයේමයි තියෙන්නේ. බෞද්ධයෝ සහජීවනෙන් හිටියාට බෞද්ධයාට සහජීවනේ හම්බෙන්නේ නෑ කියන එක කොමන්ට් වලින්ම පේනවානේ. ඒ නිසා අනිවාර්යෙන් ආරක්ෂාව ඕනෑ.

:       0       0

Srinath Friday, 24 October 2025 08:53 PM

මේ විදිහටවත් රට තියෙන එක ලොකු දෙයක්... රටේ මුදල් වලින් බිලියන ගාණක් වැය කරන්නේ පන්සල් පල්ලි රකින්න. කෝ 33 කෝටියක් දෙවිවරුන්ගේ ආරක්ෂාව...?

:       43       6

පිටිගල මිලානෝ Saturday, 25 October 2025 08:01 AM

ධර්මයේ ආරක්ෂාව ලැබෙන්නේ ධර්මයේ හැසිරෙන අයට පමණයි.

:       5       7

Mahesh Saturday, 25 October 2025 08:33 AM

අනේ මන්දා. පැවිදි වෙලත් බයෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලානේ. ගිහි අපිටවත් නෑ ඔහොම කරදර...

:       23       7

අරවින්ද මොණරවිල Saturday, 25 October 2025 08:50 AM

අනුන්ගේ ගෙවල් වලට රිංගලා ඒ ගෙදර ගැහැණිය සමග ඉදලා ස්වාමි පුරුෂයාට අහු වෙන එවුන්ට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න පිස්සුද මන්දා ?

:       36       6

NissankaSaturday, 25 October 2025 09:51 PM

අරවින්ද ඔබට අනුකම්පාවෙන් කියන්නේ. සමාව නොගත්තොත් ඔබටයි වරදින්නේ. අභූතවාදී නිරයං උපේති. යෝ චාපි කත්වා න කරෝමීති චාහ. උභෝ’පි තේ පෙච්ච සමා භවන්ති. නිහීනකම්මා මනුජා පරත්ථ. - අනුන්ට අභූත චෝදනා කරන කෙනාට නිරයේ තමයි උපදින්ට වෙන්නේ. තමන් යම් පවක් කරලා, ඒක කළේ නැතෙයි කියන කෙනාත්, නිරයේම තමයි උපදින්නේ. පහත් ක්‍රියාවලින් යුතු ඒ මිනිස්සු දෙන්නාම මැරිලා ගිය දවසක නිරයේ ඉපදීමෙන් සමාන වෙනවා...

:       0       0

Rata Perata Saturday, 25 October 2025 05:23 PM

හාමුදුරුවන්ටත් පොලිස් ආරක්ෂාව දෙන්න තරමටම මේ මිනිස්සු පිරිහිලා නම් සිවුර ඇරලා යන්න කියන්න.

:       12       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site