දැනට රටේ පවතින වී තොග ලබන දෙසැම්බර් දක්වා ප්‍රමාණවත් බවත් ඒ නිසා වසරකට එක කන්නයක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වී වගාව කළාම රටටම අවශ්‍ය සහල් ප්‍රමාණවත් නිසා යල් කන්නයේ වී වගාව වෙනුවට වැඩි ආදායමක් ලැබෙන අතිරේක බෝග හෙක්ටයාර් ලක්ෂ 2ක් වගාකිරීම ට තීරණය කර තිබෙන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසිය .

දඹුල්ල පැල්වෙහෙර පෞද්ගලික කෘෂි සමාගමක් වන සි අයි සි සමාගමේ බිජ ගොවිපළ නිරීක්ෂණයකට පැමිණි අවස්ථාවේ මේ බව පැවසිය . ආචාර්ය විජේකෝන් මහතා වැඩිදුරටත් කිවේ  කාබනික වගාව තුලින්න්ම රටේ ආහාර සුරක්ෂතාවය ඇතිකිරීමට නොහැකි බවත් ලෝකයේ කාබනික වගාව ඇත්තේ සියට එකක් පමණක් බවත් ඒ නිසා රසායනික පොහොර සමග වගාව කළයුතු බව ද කිය. මින් ඉදිරියට පොහොර යොදන සෑම ගොවිකම පස පරික්ෂා කොට පොහොර යෙදිය යුතු බවත් පොස්පරස් වසරක් හැර වසරක් යොදා ගොවිතැන් කිරීමට ගොවින් ක්‍රියාකලයුතු බවද පැවසිය .

වස විස නැති රටක් තේමාව යටතේ කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති හා අතුරලියේ රතන හිමි මහත් වෙහෙසක් දරති.

dg-rohan-vijekoon

1111