
(යොහාන් භාසුර)
බලවේග කට්ටල දුම්රියක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැතිවීම හේතුවෙන් දිනපතා ධාවනය කළ කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරකට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
එම තීරණයත් සමඟ මෙම මස 10 වැනිදා සිට සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා දිනවල පමණක් ගල්කිස්ස සහ කන්කසන්තුරය දක්වා ඉහළට සහ පහළට දුම්රිය ධාවනය කරන බවත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල කොළඹ සිට කන්කසන්තුරය දක්වා කිසිඳු දුම්රියක් පෙරවරු කාලයේ ධාවනය නොවන බවත් ඒ මහතා කීය.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් දිනපතා පෙරවරු 5.15 ට ආරම්භ වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.45 ට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.50 ට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඒ සඳහා යෙදවීමට බලවේග කට්ටල දුම්රියක් නොමැතිවීම මත එම දුම්රිය දින හතරකට සීමාකර ඇති බව කී ජයසේකර මහතා ‘යාල්දේවී’ සීඝ්‍රගාමී දුම්රිය දිනපතා ධාවනය නොවන අතර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල යාපනය සහ කන්කසන්තුරය අතර එම දිනවල කන්කසන්තුරය බලා රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 8.00 ට ධාවනය වන බව ද සඳහන් කළේය.
බලවේග කට්ටල නොමැති වීම මත දුම්රිය අවලංගු කිරීම මත ජනතාව දැඩි අපහාසුතාවයන්ට ලක්වන බවත් මෙම අපහාසුතාවයන් දිගින් දිගටම පැවතිය ද තත්වයන් මඟ හරවා ගැනීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට වගකිවයුතු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ අමාත්‍යාංශයේ නිලධාරීන්ට නොගැනීම නිසා ඉදිරියේ මෙම තත්ත්වය තවත් උග්රවීමට ඉඩ ඇති බවත් කසුන් චාමර ජයසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd