IMG-LOGO

කතානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

කතානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  රාජ්‍ය දේපළ  අවභාවිත කරන බව පවසමින්  නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  ඊයේ  පැමිණිල්ලක් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පක්ෂයේ නායක සුගීස්වර  බණ්ඩාර මහතා පවසන්නේ කතානායකවරයා පහළොස් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිය කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.

එසේම කතානායකවරයා සිය නිල වාහන දෙකට අමතරව තවත් වාහනයක් ලබාගෙන ඇති බවත් එම වාහනය ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙනුවෙන් වෙන්කර ඇති  බවත් ඔහු සඳහන් කළේය.

කතානායකවරයා සිය නිල රථ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ අවසරය ඇතිව ඉන්ධන ලීටර් 900ක් ලබා ගන්නා බව පැවසූ බණ්ඩාර මහතා කථානායක  වෙනුවෙන් නිල නිවසක් තියෙද්දී කොළඹ ලොරිස් මහල් නිවාස සංකීර්ණයෙන්  තවත් නිල නිවසක් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළේය.

එම නිල නිවසේ පදිංචිව සිටින්නේද ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා බවහෙතෙම  පැවසීය.

කතානායකවරයා කතානායක නිල නිවස පාවිච්චි නොකරන බවට ප්‍රකාශ කළද  එය විශේෂ උත්සව අවස්ථා  සඳහා පාවිච්චි කරන බවට තොරතුරු දැනගන්ට ලැබී ඇතැයිද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කතා නායක මාධ්‍ය අංශය පවසන්නේ එම  සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පූර්ණ කරුණු පැහැදිලි කිරීමක්  කිරීමට බලාපොරොත්තු වන බවද  එම අංශය වැඩිදුරටත්  සඳහන් කරයි



අදහස් (2)

කතානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Neel Saturday, 05 July 2025 05:55 PM

අයියෝ සාන්ත...!...

:       2       11

PGPThilak Saturday, 05 July 2025 06:31 PM

සුගීස්වර බංඩාර කියන්නේ රාජපක්ෂ වහලෙක්

:       13       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site