IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කතානායක විශ්වාසභංගෙට අත්සන් ගැනීම අරඹයි


(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන්  ගැනීම මේ සතියේදී  අරඹන බව  සමගි  ජන බලවේගය පවසයි.


එම විශ්වාසභංග යෝජනාව සකස් කරගෙන යන බවත්  යෝජනාව බොහෝ දුරට එන සතියේ දී භාරදීමට නියමිත බවත්  පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල්  අරුණ ජයසේකර මහතාට විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු  විශ්වාසභංග යෝජනාව   පිළිගත නොහැකි බව කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට  දැනුම් දුන්නේය.

මෙහිදී  කතානායකවරයාගේ එම තීරණය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එම සිද්ධිය මෙන්ම විවිධ විසමාචාර ක්‍රියා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව  සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා පැවසීය.



අදහස් (0)

කතානායක විශ්වාසභංගෙට අත්සන් ගැනීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25894 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18155 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10863 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 598 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 176 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site