
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලී වීරසේකර මහත්මිය මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නොවන බවට පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
මේ අනුව ඔවුන් දෙදෙනාට මේ මාසයේ සිට හිමිවන්නේ එම තනතුරුවලට ලැබෙන ඉන්ධන දීමනාව පමණි.
ජාතික ජන බලවේග රජයේ අගමැතිවරිය ඇතුළු ඇමතිවරුන් සියලු දෙනාද මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්යක්ෂවරයාට මීට පෙර වරින් වර ලිපි බාරදී තිබිණ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මන්ත්‍රීවරයෙකුට රුපියල් 250,000 සිට රුපියල් 450,000 දක්වා ඉන්ධන දීමනාවක් හිමි වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුරු දෙකතුනක සේවයේ යෙදෙන රජයේ නිළධාරින් වුණත් නිළ රථය පුද්ගලික කටයුතු සදහාත් යොදාගෙන ඉන්ධන ගන්නවාද බලන්නකෝ... ඉතින් මාසෙකට උපරිමයෙන් පැය 720 ක් හෝ 744 ක් (විනාඩි 43200 ක් 44640) නොකඩවා දිව්වොත් ඔයතරම් ඉන්ධන වලින් මොනවාද වෙන්නේ හිතාගන්නත් බැහැ.... එම ඉන්ධන ගහන්නේ (වැටුප අතිකාල ඉන්ධන ගමන්වියදම් හා අමතර කොටස් මිළට ගැනීම් ලෙස) වැටුප් 5 ක් ගන්නා නිලධාරි නිසා තමයි නාස්තිය වෙන්නේ කොහොම වුණත් ඔවුන් විශ්‍රාම ගත්තාට පස්සේ ඉතාම ඉක්මණින් ඔවුන්ට මෙලොවින් යන්නම වෙනවා... පරීක්ෂාකර බලන්න ඊළගට ඔය වාහනවල (විශේෂයෙන් බඩු පටවාගෙන නිලධාරි ගමන්කරන කැබ් රථවල) ඉන්ධන දහනය ධාවන සටහනේ සටහන් කෙරෙන්නේ ලීටරයකින් කිලෝමීටර් තුනක් හෝ උපරිමයෙන් හතරක් පමණයි. ඇත්තටම නිලධාරින්ට තනතුරු කීපයක සිටියත් තනතුරු අනුව ඉන්ධන නොදිය යුතුයි..