
(ගයාන් සූරියආරච්චි)
කාන්තාවක නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස්කර නිරුවත් ඡායාරූප කාන්තාවකගේ මුහුණකට බද්ධකර ප්‍රචාරය කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර එඩහේන්තැන්න ප්‍ර දේශයේ පදිංචි 22 හැවිරිදි කාන්තාවකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව කළ විමර්ශනවලින් අනතුරුව එම නිරුවත් ඡායාරූප පළකළ බව කියන කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි පරිගණක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරිනී චන්දිමා අරුමප්පෙරුම මහත්මියගේ උපදෙස් පරිදි මහනුවර පරිගණක අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 ඔක්තෝබර් මස 08
1370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1268
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කතකගේ මුහුණට නිරුවත් ඡායාරුප බද්ධ කළ කතක් අත්අඩංගුවට