(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ඉවත්වී සෙසු පක්ෂ සමඟ සම්බන්ධ වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු නැවත එම පක්ෂයට සම්බන්ධ වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම මෑතදී පවත්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණවලදී සහාය දැක්වීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඔහු පරාජයට පත්වීමෙන් පසු දේශපාලන කටයුතුවලින් ඉවත්වූහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙසේ නැවත එක්වීමට සූදානම් වන පිරිස අතරේ ඒ අයද වෙති දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් අනාථයි
හොරකමට පුරුදු උනාම ඒ ගතිය ඇරෙන්නෑ. හොරු එක්කමයි එකතුවෙන්නේ.
ඒ නමින් වූ දේශපාලන පක්ෂයක් අනාගතයේ සක්‍රීය ලෙස තිබෙන්නට බෑ.සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වගේ බෝඩ් ලෑල්ලට විතරක් සීමාවෙයි.
මූන්ගේ වලිගේ ගිනි ඇවිලිලා තියෙන්නේ, හනුමන්තා වගේ එහාට පනිනවා ගිනි තියනවා, මෙහාට පනිනවා—ගිනි තියනවා, ඔක්කොම මංගලං වෙලා ඉන්නේ… අයියෝ ජේවීපී එක කරපු අපරාධයක් දෙවියනේ…!!!
මුළු විපක්ෂයම දැන් අනාථයි.
කරපු බලු වැඩවලට උසාවි යන්න ලඟ ඇත. ඒක තමයි මාර හොරු එක්ක එකතුවෙලා බේරෙන්න බලනවා ඇත්තේ.
රැකියා කරන අය එක ආයතනයකින් අස් වී වෙනත් ආයතනයකට යාම සාමාන්‍ය දෙයකි. බැංකු නිලධාරියෝ එක බැංකුවකින් අස් වී වෙනත් බැංකුවකටත්, මාධ්‍යවේදියෝ එක් නාලිකාවකින් අස් වී වෙනත් නාලිකාවකටත් යති. එලෙසම දේශපාලකයෝ එක පක්ෂයකින් වෙනත් පක්ෂයකට යති. තැන මාරු වුනාට කරන්නෙ එකම රස්සාවය.