ඉතාලියේ සිසිලියේ කටානියා බෞද්ධ විහාරස්ථානය මගින් මෙම මස 28 වැනිදා පෑවෑත්වීමට නියමිතව තිබු බක්මහා උළෙල අවලංගු කළ බව විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියෝ පවසති.

  ශ්‍රි ලාංකික යුවළගේ හදිසි අභාවය එයට හෙතු වශයෙන් උන්වහන්සේ කියති.

බක්මහා උළෙල වෙනුවෙන් නිකුත් කළ ලොතරෑයි පතේ දිනුම් ඈදීම මෑයි මස 26වැනිදා පෑවෑත්වීමට නියමිතය.

 මියගිය සාගරිකා මදුරි වර්ණකුල මහත්මියගේ හා    සරත් ප්‍රේමලාල් මහතාගේ මෘත ශරිර කටානියා ශ්‍රි ලාංකික දේවස්ථානයේ කතෝලික හා බෞද්ධ ආගමික වතාවත් ඉටු කරමින් අවසන් කටයුතු සිදුකිරිමට සුදානම් කොට ඈතෑයි සිලානන්ද හිමියෝ කියති.