
(අංජුල මහික වීරරත්න)
අක්ෂි සැත්කම් වලින් පසු ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් ඖෂධය ලබා දීමෙන් අනතුරුව දෘෂ්ටිය අහිමි වූ රෝගීන් සඳහා වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 - 03 -03 සහ 2023-05-16 අතර කාලය තුළදී ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සඳහා භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස් පෙනීම අහිමි වීම හෝ තවදුරටත් දුර්වල වීමේ සිදුවීම් වාර්තා වී තිබිණ. ඒ පිළිබඳව පැවති විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙහි දී අක්ෂි ශල්‍ය කර්මයන්ට බඳුන් වීමෙන් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී තිබේ. ඊට අමතරව අදාළ කාලය තුළදීම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල හැර අනෙකුත් රෝහල්වල අක්ෂි සැත්කම්වලට භාජනය වීමේදී ප්රෙඩිනි සිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි ආබාධයන්ට ලක් වී ඇති රෝගීන් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් අන්ධ භාවයට පත් තවත් රෝගීන් 4 දෙනෙකු සඳහා ද වන්දි ගෙවීම නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, එකී රෝගීන් 04 දෙනා සඳහා ද, එක් රෝගියෙකුට රුපියල් මිලියනයක් බැගින් වන සේ වන්දි ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd