IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ඖෂධ-ශල්‍ය උපකරණ ගන්න සල්ලි මින් පසු ප්‍රමාද නෑ

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සේවාවට ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සේවාවන් සඳහා වෙන් කරන මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

කිසියම් රෝහලක ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟයක් පවතිනවා නම් ඊට හේතුව  මුදල් හිඟතාවයක් නිසා නොව අදාළ ක්‍රියාවලියේ පවතින යම් යම් දෝෂ නිසා බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවති උත්සවයේදීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ක්‍රමාණුකූලව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම නව සීමාවාසික දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරනු ලැබීය.

දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට එක් වූ නව ක්‍රමවේදයක් ලෙස දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට මෙහිදී විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ සේවය කර පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව උදා වන අතර, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනය පුළුල් කිරිම, අධ්‍යාපනය ඉහළට නැංවීම සහ සායනික ධාරිතාවය ඉහළ නැන්වීමේ අරමුණින් මෙම සීමාවාසික පුහුණුව ලබාදෙනු ලැබේ.



අදහස් (0)

ඖෂධ-ශල්‍ය උපකරණ ගන්න සල්ලි මින් පසු ප්‍රමාද නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17376 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site