IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඖෂධ ගැන පරීක්ෂා කරන්න ජංගම දුරකථන යෙදවුමක්

(අංජුල මහික වීරරත්න)

ඕනෑම ඖෂධයක් පරීක්ෂා කරගත හැකි SLADA දුරකථන යෙදුම නුදුරේදීම එළි දැක්වීමට නියමිත බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පවසයි.

ඒ ඔස්සේ තහනම් ඖෂධ සහ භාවිත කළ හැකි ඖෂධ පිළිබඳව සරලව අවබෝධයක් ලබා ගත හැකි බව ද එම ආයතනය පවසයි.

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා සිංහල මාධ්‍ය ජාත්‍යන්තර පාඨමාලාව අද (28) ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ දී එළිදැක්වීමේ අවස්ථාවේදී මෙම කරුණ සඳහන් විය. 

මෙම පාඨමාලාව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සකසන ලද පිරිසිදු ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර පාඨමාලාව ඔන්ලයින් පාඨමාලාවකි.

එය අවසානයේ දී පිළිගත් සහතික පත්‍රයක් ලබාදීම සිදු කෙරේ. 

මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩකාවන්ට  පාසල් සිසුන්ට මෙන්ම  දැනුම අවබෝධය ලබා ගැනීමට කැමති ඕනෑම අයෙකුට සඳහා සම්බන්ධ විය හැකි බව අමාත්‍යාංශය කියයි.

මෙම අවස්ථාවට එක් වූ තරුණ කටයුතු සහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා  පැවසුවේ රජය මැදිහත්වී තහනම් උත්තේජක භාවිතය අවම කරමින් පවතින බවයි.

 පාසල් සිසුන්ටද මේ පිළිබඳව අවබෝධය ලබා දෙන වැඩසටහනක් සැලසුම් කිරීමට යෝජනා වී ඇති බවත්, මෙරටට අවශ්‍ය පිරිසිදු ක්‍රීඩාව ඒ ඔස්සේ ගොඩනැගිය හැකි බවත් තරුණ කටයුතු සහා ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙම අවස්ථාවට  මෙරට කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ  ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති ලලීශ කහටපිටිය, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ශිරෝමි පිලපිටිය මහත්ම මහත්මීහු ද  සහභාගී වූහ.



අදහස් (0)

ඖෂධ ගැන පරීක්ෂා කරන්න ජංගම දුරකථන යෙදවුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site