IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාපය හෙට 79 වැනි උපන්දිනේ සමරයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර උත්සවය බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී හෙට (20) පෙරවරු 9ට පැවැත්වේ.

පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ වලට ආරාධනා කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

" ඔබේ මතය දරන්න" ව්‍යවස්ථාපිත  ඒකාධිපතිවාදය පරදවන්න " එකට සිටගමු" යන තේමාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර සියලු බලමුළු එකට එක්වන තෝතැන්නක් ලෙස මෙවර එජාප සංවත්සර සැමරුම හඳුන්වා දිය හැකි බවයි.

ජාති ආගම් කිසිදු භේදයක් නොසලකා සියලු දෙනා එක් කරන පක්ෂයක් ලෙස එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය අදත් සියලු පාර්ශව එක් කරන " මහ ගෙදරක්" බවට පත්වීම සුවිශේෂී කාරණයක් වන්නේ යැයිද රුවන් විජයවර්ධන මහතා කීය.



අදහස් (10)

එජාපය හෙට 79 වැනි උපන්දිනේ සමරයි

C.K.Lankaputhra Friday, 19 September 2025 06:21 PM

නවය නපුරුයි. බලාගෙනයි!

:       5       10

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 19 September 2025 06:47 PM

80 වැනි සංවත්සරය සමරන්න වෙන්නේ ජාතික රෝහලේ

:       0       0

ප්‍රියා Friday, 19 September 2025 06:49 PM

79 න් බාගයක්ම නායක රනිල් ඊළග නායක ඒ පවුලෙන් ද ?හිටපු ජනාධිපති ප්‍රේමදාස පවුලෙන් ද... පොහොට්ටු / එජාප පවුල් ගස්......

:       0       0

swene Friday, 19 September 2025 07:16 PM

ගෝල් ෆේස් එකේ හිටිය ජනතාව ඉවත් වනවා කියද්දීත්. පන්න පන්න ගැස්සවීමට තරම් ලොක්කා ප්‍රජාතන්ත්‍රවාදී වුනා

:       0       0

SRI Friday, 19 September 2025 07:18 PM

අවුරුදු 403 කට පෙර ඉංග්‍රිසි සහ ස්පාඤ්ඤ අය ලංකාවේ සියලුම දේ හොරකම් කළා.... පසුව එජාප ආණ්ඩුව හොරකම් කර ලංකාව විනාශ කළා

:       0       0

ගල්පර Friday, 19 September 2025 09:03 PM

අපිට කියන්නකෝ බලන්න අද රටේ එජාපයක් කියලා පක්ෂයක් තියෙනවද? අඩුගානේ පාර්ලිමේන්තුවේවත් එකම හරි නියෝජිත යේක් වත් ඉන්නවද ??? ඔය රනිල් එජාපය පොළොවටම සමතලා කරලාම දැම්මා. අනේද කියන්නේ.අද යුඑන්පි කාරයෙක් අපේ ගමකවත් හොයගන්න නැහැ.

:       0       0

ගුණරත්න Friday, 19 September 2025 10:24 PM

සංවත්සර දිනය වෙනුවෙන් මගේ සුබ පැතුම්

:       0       0

Shantha Saturday, 20 September 2025 12:00 AM

එජාපයට ගිය කල .අයියෝ සංසාරේ

:       0       0

Perera Saturday, 20 September 2025 02:08 AM

79 යි වයස දැන් කෙලින් හිටගන්නවත් බැහැ

:       0       0

Nandalal DE SILVA - France Saturday, 20 September 2025 02:32 AM

අපො නෑ. චීන මිත්‍යා මත අනුව "අංක 9 " චීන ජාතිකයන් දෙවත්වයෙන් සලකන උසස්ම අංක යයි. විදේශ රටවල ජීවත්වන චීන ජනතාව පවා සිය වාහන අංක තහඩු සදහා බහුල වශයෙන් අංක 9 සහිත තහඩු ඉල්ලා සිටිනවා. බයියන් දෙසා බාන වැදි බණ වලට කන් නෙ දෙන්න ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 882 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site