IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


උසාවි ලේඛණය කුරුටු ගැමේ සිද්ධිය සී.අයි.ඩීයට?

(මනෝප්‍රිය ගුණසේකර)

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සෙවීම සඳහා අවශ්‍ය වුවහොත් රහස් පොලිසියට බාරදෙන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද දින  දැනුම් දුන්නාය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ප්‍රශ්ණගත ‘මෝෂන් පොත’ මුද්‍රා කර සේප්පුවේ තැබීමටද නියම කළ මහේස්ත්‍රාත්වරිය කරුටු ගෑ සටහන කුමක්ද යන්න හෙළි කර ගැනීමට අවශ්‍ය වුවහොත් ප්‍රශ්ණගත ‘මෝෂන් පොත’ රජයේ සැකටයුතු ලේඛණ පරීක්‍ෂකවරයාට යැවීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දුන්නාය”

2024 ජනවාරී 09 වැනිදා ප්‍රශ්න ගත නඩුව කැඳවීම තමා ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව තමා නිවාඩු ගිය දිනයක වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවේ මෙම නඩුව කැඳවා ඇති බවද අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවට අදාළව මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්ණගත නියෝගය දී ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව තමා මේ වන විටත් සිතන්නේ යැයිද අවධාරණය කළාය”

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුව 2024 ජනවාරී 19 වැනිදා කැඳවීමට දින නියම කර තිබියදී නඩුව 2024 ජනවාරී 09 වැනිදා කැඳවීමට නියම කරන්නැයි ඉල්ලීම් කිරීම මෙන්ම එදින නඩුව සම්බන්ධයෙන් කළ කාර්යයන් පිළිබඳව ආසිරි රෝහලේ පවත්වාගෙන යන මෙමෝ පත්‍ර පරීක්‍ෂා කර උසාවියට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ආසිරි රෝහලේ නීතීඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මියට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය”

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව සකස් කිරීම සඳහා නඩු ගොනුව සහ ඊට අදාළ ලේඛණ පරීක්‍ෂා කිරීමේදී උසාවියේ පවත්වාගෙන ගිය ‘මෝෂන් පොතේ’ 2024 ජනවාරී 09 වැනිදා ප්‍රශ්නගත නඩුව කැඳවන්නැයි ඉල්ලා තබා තිබු සටහනක් කිසිවකුටත් හඳුනාගත නොහැකි අන්දමට ‘කුරුටු ගා’ ඇති අන්දම නිරීක්‍ෂණය කළ බවද සඳහන් කළ බවද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අවධාරණය කළාය”

මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී, අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා,  හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ රෝහල අභියාචනාධිකරණයේ පවරා තිබු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවනු ලැබීය.

 



අදහස් (0)

උසාවි ලේඛණය කුරුටු ගැමේ සිද්ධිය සී.අයි.ඩීයට?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 167 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2275 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site