උතුරේ ද දකුණේ ද නියං සමයේ හටගන්නා ඉඳි කෑමට වලසුන් ඇතුළු සතුන් මෙන්ම මිනිස්සු ද කැලෑවලට යති.
ඉඳිකටු වැනි කටු ඇති ඉඳි ගස්වලින් ඉඳ කපා ගැනීම අමාරු කාර්යයකි.
ඉඳිගෙඩිය කොළ පැහැ වෙන විට වන්නි ජනතාව එය බත් ඉඳි ලෙස හඳුන්වා ආහාරයට ගනී.
ඉන් පසු රතු පැහැයට ද, ඉදුණු පසු කළු පැහැයද ගන්නා ඉඳි ගෙඩිය පළතුරක් සේ කෑමට ගනියි.
ඉඳි ගසේ කටු ඇති නිසා වළසුන් ඉඳිවලින් බඩ පුරවා අවසන් වනතුරුම ඇස් වසාගෙන සිටිතියි ගැමියෝ කියති. ඉඳි කොළය ද අත්කම් සඳහා යොදා ගැනේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
උතුරේ ඉඳි වාරය ඇවිත්
ප්‍රියා Wednesday, 30 April 2014 08:49 AM
අපේ ශ්‍රී ලංකාවේ වැවෙන රසම රස පළතුරක් (නි)
ශ්‍රියානි Monday, 28 April 2014 12:55 PM
මේවා ලංකා ඉඳි. අයියෝ ලංකාවේ නෙවෙයිද ඉපදුණේ.ඉඳි ගහක්වත් දැකල නැද්ද? (ස)
ශ්‍රියානි Monday, 28 April 2014 01:00 PM
ඇත්ත තමයි ලලිත් අපොන්සු... (නි)
ජයා Monday, 28 April 2014 01:46 PM
ලස්සනයි! (නි)
සමන් Monday, 28 April 2014 01:50 PM
ඒ ළමයි හරි ලස්සනයි නේද? (නි)
කුමාර් Monday, 28 April 2014 08:48 PM
මේ තමා ලංකාවට අවේනික ඉඳි ගස. (ත)
සම්පත් Monday, 28 April 2014 01:59 PM
මේකේ අදහස් දාන ගොඩක් අය මම නම් හිතන්නේ ඉදිගහක් දැකල නැති අය.මම අවුරුදු ගානක් රටින් පිට ජීවත් වෙලත් මගේ රටේ දේවල් මට තවම එදා වගේ මතකයි. තමන්ගේ රට ගැන හොඳට හිතන්න. (ස)
ධම්ම Monday, 28 April 2014 01:40 PM
අපි කවුරුත් දන්නා ඉඳිකොළ තොප්පිය හදන්නේ මේ ඉඳිකොළ වලින්. ඔය කියන තරම් මේ ඉඳි රස නැහැ. පොත්ත ගැලෙව්වාම බාර්ලි ඇටයක හැඩයේ ඊට ටිකක් ලොකු ඇටයක් තියෙනවා. ඒ ඇටේ වටා තියෙන සුදුපාට පටලය කන්න පුළුවන්. (ත)
ගුණවර්ධන Monday, 28 April 2014 02:39 PM
සමින්ද, ඉන්දික මොනවද මේ කියන්නේ. කොහොමද මේවා රට ඉඳි වෙන්නේ. මේවා හැදෙන්නේ ලංකාවේ ඉතින් මේවට කියන්නේ අපේ ඉඳි කියලා. (ස)
මංජුල අබු ඩාබි සිට Monday, 28 April 2014 02:10 PM
ඇත්තටම වටිනා ප්‍රවෘතියක්. ඔය ගස් ලංකාවේදී දැකලා තිබුණට ඒක රසවත් පළතුරක් බව දැනන් හිටියේ නැහැ. ශ්‍රියානි ලංකාවේ ඉපදුණු බොහෝ දෙනෙක් වෙනත් පළාත්වල තියෙන ගස් කොළන් පලතුරු ගැන අවබෝධයක් නැහැ. ඒක ඇත්තක් මිනිස්සුන්ට රට වටේ ඇවිදින්න වෙලාවක් නැහැනේ. ඒ කොහොම වුණත් දීලා තියෙන විස්තරයට අනුව රට ඉඳි වල ප්‍රභේදක්ද කියල මට හිතෙනවා. ගහේ පත්‍ර සහ කටු සහිත පිති ගැට අවධියේ සිට ඉදුණු අවධිය දක්වා විස්තර කර ඇති වර්ණ ආදිය සියල්ල රට ඉඳි වලට සමානයි හැබැයි මේ ගස රට ඉඳි ගසක කුඩා කාලය වගේ. මොකද රට ඉඳි ගස් උස යනවා. මෙහෙ දැන් රට ඉඳි හැදෙන කාලේ දැන් කොළ පැහැති ගැට තියෙන්නේ තව ටික දවසකින් ඒවා තැඹිලි පාටට හුරු කහ පැහැයක් ගන්නවා ඉන් පස්සේ රතු පාට ඊටත් පස්සේ අපි ලංකාවේ කඩවල් වල දකින දුඹුරු පැහැ ගන්නේ. එතකොට නම් ගොඩක් රහයි. කොළ පාට ඇරෙන්න අනෙක් අවධි වලදී කන්න පුළුවන් පැණි රස තියෙනවා. නමුත් ටිකක් කහට රහක් වගේම කට කසන ගතියක් තියෙනවා. (ස)
අනුර Monday, 28 April 2014 02:29 PM
මේ නංගිලට දකුණට වඩා ආරක්ෂාව, නිදහස උතුරේ තියෙනවා වගේ. එක ළමයෙක් පබා වගේ. ඔක්කොම අපේ රටේ ඉඳි ගස්. (ස)
දුම්මලසූරිය Monday, 28 April 2014 10:55 PM
අපි පුංචි කාලේ ඕව කාලා තියනවා.අපේ පැත්තෙත් තිබුනා. හැබැයි ඔච්චර ගොඩක් නම් තිබුනේ නැහැ.එක ගහක් දෙකක් තමා තිබුණේ. අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ. (නි)
අමන්දා Monday, 28 April 2014 10:55 PM
මේ ඉඳි විකුනන්න පුලුවන්ද (දී)
සාරධ Monday, 28 April 2014 04:21 PM
අපිත් පොඩි කාලේ ඕවා කාලා තියෙනවා. ඉදුණහම හරි රසයි. ලුණු වල දැම්මහමත් රසයි. අවුරුදු ගාණකින් අද තමයි ඉදි දැක්කේ. (ස)
ශාන්ති Tuesday, 29 April 2014 01:18 AM
ඇත්තෙන්ම හරිම ලස්සන පාට මමත් මතක ඇති කාලෙකින් කෑවේ නැහැ .අපේ රටේ ඉදි (දී)
ලංකාතිලක Monday, 28 April 2014 05:30 PM
උතුරේ සෑදෙන පළතුරු, මිදි , අඹ, ඉඳි වාගේ දේවල් ඉතා රසවත්. උතුරේ සෑදෙන බොහෝ දේවල් දකුණේ වැවෙන්නේ නැහැ. එනිසා උතුරත් දකුණත් දෙකම අපි සැමට අවශ්‍ය පළාත් දෙකක් (නි)
සමින්ද Monday, 28 April 2014 10:08 AM
රට ඉදී. (ස)
ඉන්දික Monday, 28 April 2014 10:59 AM
මේවා රට ඉඳි නෙවේ නේද? (දී)
දයා අලහකෝන් Monday, 28 April 2014 10:17 AM
මේ හොඳ ඉඳිද (අ)
ගිම්හානි Monday, 28 April 2014 11:04 AM
නැහැ සමින්ද රට ඉදි නෙමේ රට ඉදි වගේ පොකුරට හැදෙන්නේ පුංචි ගෙඩි ජාතියක් .ඉදුනම රසයි ,වියලි පළාත්වල තමා හැදෙන්නේ (අ)
විමල් වරල්ල Monday, 28 April 2014 11:16 AM
අපේ සෙල්ලම් කාලෙ මතක් වෙනවා. (ස)
චමී Tuesday, 29 April 2014 08:27 AM
මම මුලතිවි රාජකාරි කරන කාලේ මේවා ඇතිවෙන්න කෑවා.මේ රට ඉඳි නෙවෙයි.ලංකාවේ උෂ්ණ කලාපයේ හැදෙන ඉඳි වර්ගයක්.වන්නියේ ඉඳි වාරෙ වගේම තමයි පලු වාරෙත්.පලු ඵල බරින් ගස් පිරෙනවා.(ස)
ලොසා Monday, 28 April 2014 11:33 AM
මේ ඉඳි කඩන කෙනා කොන්ඩේ කැපුවේ කොහෙන්ද දන්නේ නැහැ, මටත් ආසයි ඒ හෙයා ස්ටයිල් එක දාන්න. (ස)
මේනකා ලොකුපතිරණ Monday, 28 April 2014 10:57 AM
කවදාවත්ම දැකලත් නෑ කාලත් නෑනෙ. (ස)
පවන් Monday, 28 April 2014 06:41 PM
ඉඳි හරිම ලස්සනයිනේ! (නි)
තබිත Monday, 28 April 2014 10:59 AM
අනේ මටත් ආසයි ඉඳි කන්න. (ස)
ලලිත් අපොන්සු Monday, 28 April 2014 11:22 AM
මාදං, හිඔුටු, ඉඳි, අැටඹ, වෙරලු අපි පොඩි කාලේ කෑවා. ගස් යට සෙල්ලම් කළා. දැන් පරපුරට මේවා දැක්කම පුදුමයි (නි)
රංජන් Monday, 28 April 2014 12:28 PM
ඉදුණු ඉදි හරිම රසයි. අපේ ගමෙත් තියනවා.රතු පැහැ ඉදි කහටයි. කළු පැහැ අමුතුම පැණි රසයක් ඇත. (ස)
ප්‍රභාත් Monday, 28 April 2014 11:50 AM
ඉස්සර අපි පුංචි කාලේ ඔය ඉඳි කඩලා, ලුණු වතුර බෝතලයකට දාලා තියලා පහුවදාට කනවා.හරිම රසයි. කහට ගතියත් නැතුව යනවා.අද අපේ ළමයි අතර ඉඳි ගහක් දැකපු නැති අයත් ඉන්නවා. (නි)
ගුණරත්න/ඩුබායි Monday, 28 April 2014 11:58 AM
සොබාදහම කියන්නේ හරිම පුදුම දෙයක්. මනුස්සයන්ට කීයක් හරි හොයා ගන්න මොන විදියකින් හරි උදවු කරනවා.මේ ඉඳි වලට මේ මිනිස්සු අඩු ගානේ වතුර ටිකක්වත් දාලා නැහැනේ.නිකම් කැළේ හැදුන ඉඳි.සොබාදහම එක්ක ඉන්න මිනිස්සුන්ට තමා මේ උදවු කරන්නේ.කාලෙකට ඉස්සර කල්පිටිය ධීවරයන්ට මාළු නැතුව හරිම අමාරුවෙන් ජීවත් වුණේ. ඒ මිනිස්සු දෙවියන්ට දුක කිවුවා.දවසක් උදේ මුහුදට එනකොට විශාල වියලි මිරිස් ගෝනි දහස් ගානක් ගොඩගහලා.කට්ටිය එකතු වෙලා මිරිස් වේළලා විකුණා ගත්තා.මාස හයකට ජීවත් වෙන්න සොබදහම උදවු කළා. (නි)
චමිත් Monday, 28 April 2014 07:32 PM
අයියෝ! මේ හැමෝම ඉඳි කාලා නැහැ වගේ පෙනෙන්නේ (නි)