IMG-LOGO

උණ හෙම්බිරිසාව තියෙනවනම් දරුවන් පාසල් යවන්න එපා

(සුජිත් හේවාජුලිගේ )

උණ සෙම්ප්‍රතික්ෂාව  කැස්ස ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  මහතා මවුපියන්ගෙන්  ඉල්ලීමක් කරයි.

ඩෙංගු චිකුන් ගුන්යා ඉන්ෆ්ලූවන්සා ඇති දරුවන් පාසල් සහ පෙර පාසල්  ගොස් දුවන්න පනින්න ගියහොත් හෘදය වස්තුවට හානිවී( මයෝකාඩා තත්වයක් ඇතිවී) ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ඩෙංගු හෝ චිකන් ගුන්යා යැයි සැක නම්  එවැනි අවස්ථාවලදී දරුවන්ට මදුරු දැලක් භාවිතා කිරීම වැදගත් බවත් එමගින් සෙසු අයට බෝවීම වළක්වා ගත හැකි  බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ඩෙංගු චිකුන් ගුන්යා දෙකම තියෙන රෝගීන්ට ස්වභාවික දියර ආහාර ලබාදීම ඉතා වැදගත් බව පවසන දීපල් පෙරේරා මහතා ඩෙංගු රෝගීන්ට    රතු සහ  කළු පැහැති ආහාර දීමෙන් වලකින්නැයිද  ඉල්ලීමක් කරයි.

ඩෙංගු රෝගය තියෙද්දි වෙහෙස වී කටයුතු කළහොත්  විවිධ සංකුලතා ඇති වි ජිවිත පවා හානි විය හැකි බව ඔහු සඳහන් කළේය.

පාචනය රෝගී දරුවන්ද වැඩි වශයෙන් වාර්තා වන බවත් එවැනි දරුවන්ට   බැදී හාල් කැඳ ලුණු කැඳ කෙසෙල් වැනි දේවල් ලබා දීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

පාචන  රෝගීන්ට  තෙල් සහිත බටර් චීස්  දීමෙන් වලකින්නැයිද  ඔහු ඉල්ලීමක් කළේය.

බස්නාහිර පළාතේ  ඩෙංගු සහ චිකන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

රට පුරා පැතිර යන නව  කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන්  දැනට  දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර සෙම්ප්‍රතික්ෂා රෝගීන්ගෙන් සියයට නවයත්  දහතුනත් අතර සංඛ්‍යාවකට කොව්ඩ් ආසාදනය වී ඇති බව පෙනී ගොස් ඇතැයි වයඹ වෛද්‍ය පීඨයේ   මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා පැවසීය.

නව කොවිඩ්  ප්‍රභේදයේ බලපෑම   අඩු බැරෑරුම් තත්ත්වයක පැවතුණත් වයස 65ට වැඩි ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් දැඩි පරිස්සම් විය යුතු බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (0)

උණ හෙම්බිරිසාව තියෙනවනම් දරුවන් පාසල් යවන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1394 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site