(ප්‍රසාද් රුක්මල් )
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බදුල්ල සහ මහනුවර දක්වා පමනක් සීමාකර ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය අද (20) පැවසීය .
කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (20) පෙරවරු 5.55 ට ධාවනය වීමට නියමිතව තිබූ පොඩිමැණිකේ දුම්රිය ,පෙරවරු 8.30ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1015 උඩරට මැණිකේ දුම්රිය , සහ පෙරවරු 9.45ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ධාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි .
බදුල්ල සිට ඊයේ (19) රාත්‍රි මහනුවර දක්වා පැමිනි අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් ආපසු හරවා අද (20) පෙරවරු 8.55 ට අංක 1005 දරන පොඩි මැණිකේ දුම්රිය ලෙසට බදුල්ල බලා ධාවනය කරවූ බවත් , මීට අමතරව මහනුවර සිට අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රිය සහ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීය .
මීට අමතරව මහනුවර සිට බදුල්ල බලා අලුයම 4.10ට ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (20) දිනයේ නානුඔය දක්වාත්, බදුල්ල සිට මහනුවර බලා පෙරවරු 11.40 ට ගමන් ආරම්භ කරන අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමනක් ධාවනය වන බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 8.50ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1006 දරන පොඩිමැණිකේ දුම්රිය සහ බදුල්ල බණ්ඩාරවෙල අතර ධාවනය වන අංක 1232 දරන කැලිප්සෝ සංචාරක දුම්රිය අද (20) දිනයේ ධාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අලුයම 5.50ට සහ අංක 1028 දරන ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය පෙරවරු 7.40ට මහනුවර බලා ධාවනය වූ බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කර සිටියේය .
උඩරට දුම්රිය මාර්ගයේ ඉහල කෝට්ටේ සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගය අධික වර්ශාවත් සමග නායයාම මෙන්ම මහනුවර කොළඹ කොටුව සීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය ඉහල කෝට්ටේ ප්‍රදේශයේ දී පස්කන්දකට හසුව සිරවී පිලීපැනීමට ලක්ව තිබිමෙන් මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උඩරට දුම්රිය ධාවනය බදුල්ල-මහනුවරට සීමාවෙයි