IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඊශ්‍රායල් හෝටල් රැකියාවට මේ වසරේ අපේ අය 692ක් ගිහින්

(අංජුල මහික වීරරත්න)

2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 692 ක් සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 

ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ 5 වන කණ්ඩායමට අයත් රැකියා ලාභීන් 177 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද(16) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති ජානක අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදු කෙරිණි. එම පිරිස මැයි මස 19 හා 20 යන දිනයන්හිදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවන්නේ ඊශ්‍රායලය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් එම රැකියා ලබාගැනීම සඳහා වෙනත් පාර්ශවයන් වෙත මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

ඊශ්‍රායල් හෝටල් රැකියාවට මේ වසරේ අපේ අය 692ක් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site