IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඉසුරු සොයා මාස 6ට 144,000ක් එතෙර ගිහින්

(අංජුල මහික වීරරත්න)

2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ මාස 6ක කාලයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 

කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාවේ කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලයේ දී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 88,684 කි. 

මෙම මාස 6 ක කාලයේ කාන්තා ශ්‍රමිකයින් 55,695 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සදහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 38,806 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයින් 28,973 දෙනෙකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 21,958 දෙනෙකුද මෙම කාලය තුළදී පිටත්ව ගොස් තිබේ.

සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී තිබේ. ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් 6,073 කුද, දකුණු කොරියාවට 3,134 කු ද රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 6 දී ඇමරිකා ඩොලර් බිලියන 3.73ක ප්‍රේෂණ මෙරටට එවා ඇත. පසුගිය වසරේ මුල් මාස 6 තුල විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 3.14 ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 18.9 න් ඉහළ ගොස් තිබේ. එසේම 2025 වසරේ ජූනි මාසයේ පමණක් ඇමරිකා ඩොලර් මිලියන 635.7 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇත. 2025 වසර තුළදී ඇමරිකා ඩොලර් බිලියන 7 ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාසය පළකරයි.



අදහස් (2)

ඉසුරු සොයා මාස 6ට 144,000ක් එතෙර ගිහින්

Nickon Tuesday, 15 July 2025 01:52 PM

ගේ කෑල්ලක් හදාගන්න, ළමයින්ට ටිකක් හරි හොඳට කන්න දෙන්න, ණයතුරුස් ගෙවා ගන්න, වයසක දෙමාපියන්ට බේත් ටික අරන් දෙන්න මේ වගේ මෙකී නොකී කප්පරක් බලාපොරොත්තු ඇතුව කීයක් හරි උපයාගන්නයි යන්නේ. ඔය ඉසුරු සොයා යන අයත් ඇති, ඒත් බහුතරය එහෙම නෙවෙයි.

:       2       7

යෝගා Tuesday, 15 July 2025 01:58 PM

පුනරුදාව ෆේල්. ඒකයි ඔය. වෙන මොනවා කරන්න ද තියෙන රැකියා ටිකත් නැති වෙලා යනකොට.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 37 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 252 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site