
(රෝෂන් තුෂාර)
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට මතුගම වැලි පැන්නේ සිට මිද්දෙණියට පලා යෑමට මුදල් වියදම් කර ඇත්තේ මතුගම ශාන් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද (24) පැවසීය.
ගණේමුල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඉසාරා සෙව්වන් දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මතුගම වැලි පැන්නට යෑම,වැලි පැන්නේ සිට මාතර, මිත්දෙණිය, යාපනය දක්වා ගමන් ගත් ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේය .
රජයේ සේවකයින් පොලිස් නිලධාරීන් පාතාල සාමාජිකයින්,ව්‍යාපාරිකයින් හා මනුෂ්‍ය ඝාතක සැකකරුවන් මීට ආධාර අනුබල දී ඇති බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුගියා දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරියන් හතරක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
මේ අනුව ගනේ මුල්ලේ සංජීව ඝාතන සිද්ධිය හා ඉෂාරා සෙව්වන් දීට ආධාර අනුබලදීම යන කරුණ මත සැකකරුවන් විසි හත් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉෂාරාට මතුගමින් පනින්න ශාන්ගෙන් ගමන් වියදම්
ඇන්ඩෘ සෙබඩවිල Friday, 24 October 2025 06:00 PM
ඉෂාරාට මතුගමින් පනින්න ශාන් උදව් කළා වගේම ජනතා ප්‍රශ්නවලින් ආණ්ඩුවට තාවකාලිකව හෝ පැන යෑමට උදව් කරන ඉෂාරාටත් අපි ස්තුතිවන්ත වෙමු.