
ඉරානය සමඟ වාණිජ සබඳතා ඇති රටවල භාණ්ඩ සඳහා 25% ක තීරු බද්දක් පැනවීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
"ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ව්‍යාපාර කරන ඕනෑම රටක් ඇමරිකා එක්සත් ජනපදය සමඟ කරන ඕනෑම ව්‍යාපාරයක් සඳහා 25% ක තීරුබදුවක් ගෙවනු ඇත," යනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් මෙලෙස පවසා ඇත.
තීරුබදු "වහාම ක්‍රියාත්මක වන" බව ඔහු පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉරාන රාජ්‍ය විරෝධී විරෝධතා තුන්වන සතියට පිවිසෙන විට මෙය ටෙහෙරානයට පීඩනයක් එල්ල කළ හැකි පියවරක් බව විදෙස් මාධ්‍ය පවසයි.
ටෙහෙරානය, විරෝධතාකරුවන් ඝාතනය කළහොත් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට ට්‍රම්ප් තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
චීනය ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරුවන් වන අතර, පසුව ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය සහ ඉන්දියාව වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
(හසිනි නවෝද්‍යා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් අප්පොච්චිට දැන් දැන් නුහුගුණය වැඩියි වගේ, හොද වෙද මහත්තයෙක් අල්ලලා ඉස කුඩිච්චියක් වත් දාමු !