
(විමුත්කි එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇණවුම් රැගෙන යන නෞකා බොහොමයක් ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බවත් ඉරාන යුද්ධය හේතුවෙන් ඇණවුමක් බාර දීමට ගතවන කාලය දින 3ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු අද (24) ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල යාම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට අදාල ගාස්තුවට අමතරව තවත් මුදලක් ගෙවීමට ඇඟලුම් කර්මාන්තකරුවන්ට සිදුව තිබෙන බවත් විශාල ගැටලුව මතුව ඇත්තේ ගුවනින් යවන භාණ්ඩවලට බවත් ඔහු පැවැසුවේය. ගුවනින් යවන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණත් සැපයුම අඩු බවද ඔහු ප්‍රකාශ කළේය.
ගුවන් ගමන් සීමා වීම හේතුවෙන් බොහෝ ඇණවුම් යවා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ඇඟලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද පැමිණෙන්නේ ගුවන් මාර්ගයෙන් බැවින් ඒවාද ප්‍රමාද වී තිබෙන බවත් ඔහු පැවැසුවේය. වෙනම ගුවන් යානා කුලියට ගෙන ඇණවුම් ප්‍රවාහනය කළත් එහි පිරිවැය අධික බවද ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd