ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ, අලුයම 5.30 ට යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවැසීය.
ඩීසල් ප්‍රවාහන මෙසේ ගිනි ගැනීමට ලක් වූයේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුවල්ලූර් නගරයේ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදීය. ගින්න නිවා දැමීම අසීරු වූ අතර, ගිනි නිවන භට කණ්ඩායම් කීපයක් ඒ සඳහා කැඳවීම සිදුවිය.
ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදුවූයේ නැත. දුම්රියේ ගින්න හටගෙන ඇත්තේ, එහි මැදිරි කීපයක් පීලි පැනීමට ලක්වීමත් සමඟය. පීලී පැනීමත් සමඟ ඩීසල් කාන්දුවක් සිදුවුණු බවත්, එය ගින්නට හේතුවක් වූ බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්