IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


ඉන්දියානුවෙක් උඩ යන්න හදනවා

පෞද්ගලික ගගන මෙහෙයුමක් යටතේ, ඉන්දීය ගගනගාමී ෂුබාන්ෂු ෂුක්ලා අභ්‍යවකාශ නැවතුම්පොළ බලා යෑමට නියමිතය. ගගන මෙහෙයුම Axiom Mission 4 ලෙස හැඳින්වෙයි.

පෞද්ගලික මෙහෙයුමක් වුවත් ඊට ඇමෙරිකාවේ නාසා ආයතනයත්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.

උත්තර ප්‍රාන්ත ප්‍රදේශයේ ලක්නව් නුවර උපත ලැබූ, 39 හැවිරිදි ෂුබාන්ෂු ෂුක්ලා, ඉන්දීය නාවික හමුදා නිලධාරියකු වන අතර, ඔහු අභ්‍යවකාශ ගමනට අවශ්‍ය පුහුණුව ලැබුවේ පසුගිය මාස කිහිපය පුරා, හූස්ටන් නුවර පිහිටි, නාසා ආයතනයේද ජොන්සන් අභ්‍යවකාශ ඒකකයේදීය.

ෂුක්ලා සහභාගී වන මෙම මෙහෙයුම, Axiom Mission 4 යනුවෙන් නම් කර ඇත්තේ, මෙම මෙහයුමට ඇමෙරිකාවේ Axiom Space පෞද්ගලික අභ්‍යවකාශ කටයුතු පිළිබඳ සමාගම සම්බන්ධ බැවැනි.

ෂුක්ලා, Axiom Mission 4 මෙහෙයුමට සම්බන්ධ වෙන්නේ, ඔවුන් අභ්‍යවකාශයට යන කැප්සියුලයේ නියමුවා ලෙසය.

තවත් ගගනගාමීන් සිවු දෙනෙක් ද මෙම මෙහෙයුමට එක්වෙති. ඔවුන් වන්නේ ඇමෙරිකන් ජාතික කාන්තා ගගනගාමිනී පෙගී විට්සොන්, හංගරි රාජ්‍යය නියෝජනය කරන ගගනගාමී ටිබෝර් කාපුර් සහ පෝලන්තය නියෝජනය කරන ගගනගාමී ස්ලාවෝස් උසෙන්ස්කීය.

පිරිස දින 14 සිට 21 දක්වා කාලයේ අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටිමින් විවිධාකාරයේ පර්යේෂණ සිදු කිරීමට නියමිත බව පැවැසෙයි. පිරිස අභ්‍යවකාශයට රැගෙන යනු ඇත්තේ ස්පේස් එක්ස් සමාගමේ ෆෝලන් 9 රොකට්ටුව සහ ඩ්‍රැගන් ගගන කැප්සියුලයයි.

ෂුබාන්ෂු ෂුක්ලා, අභ්‍යවකාශයට යනු ඇත්තේ හෙට (11) දිනයේය. අභ්‍යවකාශයට යන දෙවැනි ඉන්දීය ගගනගාමියා වනු ඇත්තේ ද මොහුය.



අදහස් (1)

ඉන්දියානුවෙක් උඩ යන්න හදනවා

C.K.Lankaputhra Tuesday, 10 June 2025 05:50 PM

ඉන්දියාවට අවුරුදු ගණනකට ඉස්සර වෙලා අපේ දකුණේ වුණාට කොළඹ ඉන්න කොල්ලෙක් අභ්‍යාවකාශයට ගියානේ. ඇයි පත්තරවලති තිබ්බේ. දැන් නාකි නාසා අකාසෙට යන අයට උගන්නනවලු. එයාගේ අයියලා නම් ළඟදී හිරේට යනවාලු, මෙයා නම් යන එකක් නෑ. එයා ආකාසෙට යන්න කෝටි ගණනක් අපේ සල්ලිවලට කෙලියා. ඒවාට කේස් නෑ...

:       6       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1048 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 432 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 560 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site