
(සුජිත් හේවාජුලිගේ)
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
රෝගීහු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට මෙම ගැටළුව පිළිබඳව අද (28) පැමිණිලි කළහ.
මේ අතර කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට ඊයේ (27) පැමිණි රෝගීන් පිරිසක් ඉන්සියුලීන් නොමැතිවීම හේතුවෙන් නැවත හැරී ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ "වොකාඩ්" සමාගමෙන් ඉන්සියුලීන් එන්නත් හත්ලක්ෂ විසිදහසක් තීරණය කිරීමෙන් පසු එම සමාගම ණයවර ලිපි පවා නිකුත් කර ඇතත් ඖෂධ නියාමන අධිකාරිය නැවත ලියාපදිංචි සහතිකය ලබා නොදීම හේතුවෙන් ඉන්සියුලීන් ඖෂධය නැව්ගත කිරීම තවදුරටත් ප්‍රමාදව තිබෙන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21වැනිදා පැවති සමාලෝචන රැස්වීමේදී වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ ඉන්සියුලීන් ඖෂධය ආනයනය කිරීම සඳහා නැවත ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බවයි
කෙසේ වෙතත් ඖෂධ නියාමන අධිකාරිය එම සහතිකය තවමත් නිකුත් කර නොමැති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය.
පෞද්ගලික ෆාමසිවල ‘ඉන්සියුලින්’ එන්නතක් රුපියල් 680 සිට 2500 දක්වා මිල ගණන්වලට අලෙවි වෙන බව රෝගීහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දියවැඩියා සායනයේ ඉන්සියුලින් අඩුපාඩුව වරින් වර ඇති වන තත්වයක් මිස දීර්ඝ කාලීන ගැටලුවක් නොවන බවයි.
ඖෂධ සංස්ථාවේ නිලධාරී මාරුවීම් සමග මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුකියපු සැපයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට නීති මගින් දැඩිව කටයුතු කළ යුතුයි. රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක, නිලධාරීන් මාරුවෙනකොට මෙවැනි තත්වයක් බලාපොරොත්තු වෙනවානම් එකටත් විසඳුමක් තියෙන්න ඕන, රෝගීන්ගේ ජීවිත අනතුරේ දමන්නෙ නැතිව.
අර සියල්ල දත් ලෙස හිතාගෙන ඉන්න, අවමන් සහගත ලෙස දත් විලිස්සන, කෙනා නේද? විෂයභාර ඇමැතියා...! දැන් මේ ගැන මීක් ගාන්නේවත් නැතුව ඉන්නේ...!
රෝගීන් දේශීය වෛද්‍ය ක්‍රමයට යොමුවීම සුදුසුයි. ජීවන රටාව රෝග වළක්වන අයුරු සකසා ගැනීම සුදුසුයි...!