
(විමුක්ති එස්.රුද්‍රිගු)
රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සති ගණනක් නැව පසුපස ලුහුබැඳ යමින් අවසානයේ උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමරිකානු හමුදා නැවට ගොඩවීී ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවේය.
නෞකාව ඇමරිකානු හමුදා භාරයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව ඉන්ධන ප්‍රවාහනය වළකාලමින් සම්බාධක පනවා තිබූ බෙලා 1 නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව මෙලෙස මරිනෙරා ලෙස නම වෙනස් කරගෙන යාත්‍රාකර ඇතිි බවයි.
එසේම නෞකාව වෙනිසියුලාවට සම්බන්ධකම් තිබෙන බවද ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කළේය.
නෞකාව ඇමෙරිකානු හමුදා සිය භාරයට ගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩිව විරෝධයට පළ කර ඇති අතර ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සමුද්‍රිය නීතිය උල්ලංඝනය කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd