IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉදිකිරීම් කර්මාන්ත කරුවෝ ජනපතිට අයවැය යෝජනා දෙති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක්  ජනාධිපති කාර්යලයේදී අද (12) පැවැත්විණි.

ඉදිකිරීම් සේවාව  සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයක් වන විදුලි කේබල් අපනයනය කිරීමෙන් ආර්ථිකයට ලබාගත හැකි දායකත්වය ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර, මෙම කර්මාන්තය  අපනයන ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය කිරීමේදී මුහුණදීමට සිදුවන අභියෝග, යෝජනා සහ විසඳුම් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉදිකිරීම් කර්මාන්තය රජයේ ඉදිකිරීම්වලින් පරිබාහිරව වර්ධනය වීමට අවශ්‍ය ආර්ථික පරිසරය නිර්මාණය කිරීම අරමුණු කරගෙන ඇති බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක  මහතා  මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවැති අවිධිමත්බව හේතුවෙන් පසුගිය සමයේ අක්‍රමිකතා සිදුවූ බවද එහි විධිමත්භාවයක් ඇති කළ යුතු බවද මෙහිදී අවධාරණය කළේය. 

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා එම ගැටලු විසඳීමට රජය මැදිගත් විය හැකි ආකාරය පිළිබඳ මෙහිදී අවධානයට ලක් වූ අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ වන විට මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන  මහත්වරු, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  ප්‍රධානීහු සහ විදුලි කේබල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

ඉදිකිරීම් කර්මාන්ත කරුවෝ ජනපතිට අයවැය යෝජනා දෙති

PGPThilak Friday, 12 September 2025 07:28 PM

කොන්ත්‍රාත් කාරයෝ රජයේ නිලධාරීන් එක්ක කල්ලි ගැහිලා බොරු බිල් දමලා මහජන මුදල් මංකොල්ල කනවා! මේ ව්‍යවසනය නැවැත්වීමට අනුර කුමාර ජනාධිපතිට නැණ නුවණ එඩිතර බව පහළ වේවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 69 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site