(බී. ජානක)
නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්දයෙන් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උද්ධෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළාය.
විමර්ශනයේ දී අනාවරණය කරගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහ මහතාට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක 166 සහා 206,207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපළෙහි භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මඟින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35 ක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් ප්‍රකාශ
යෝගා Friday, 25 July 2025 03:48 PM
බොරු චෝදනා දාලා, බොරු සාක්කි හදලා තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට හොරු කියලා කියපු පැලවත්තේ කම්බා හොරු සෙට් එකට රෙදි නැතුව හිරේ යන්න වෙන ලකුණු පහළ වෙමින් පවතියි. තාම හෙලි වුනේ බොහෝම ටිකයි. තව ගොඩාක් තියෙනවා...
විපරමා Friday, 25 July 2025 04:21 PM
දූෂිත පව්ල් පාලන ආණ්ඩුවේ පට්ට හොරු.. වටේ හිටපු මැති ඇමැතිවරු පෝලිමේ හිරේට යනකොට, පොහොට්ටුවේ අයට දරාගෙන ඉන්න බැරුවා. උනුත් මොන මොනවා හරි යටි උගුල් ගේම් ගහනවා වෙන්ඩැති. ඔවුන් කොහොමටත් මාර ගේම් කාරයෝ...?
සරත්Friday, 25 July 2025 05:18 PM
මෝඩ විපරම්කාරයෙක්... දුක ඇති
AD Friday, 25 July 2025 05:10 PM
දූෂණ, වංචා පමණක් නොව වනසතුන් මැරීම, වන හානි (පරිසරයට ජලය, ගස් කැපීම සහ වෙනත්) කරන්නා වූ සිදුකරන්නා වූ පුද්ගලයින්ටද දැඩි දඬුවම් ලබාදිය යුතුවේ...
චන්දිම Friday, 25 July 2025 05:23 PM
හපුච්චේ බොහෝම වේගෙන් ජඩ වැඩ එළියට එනවා නේද? ඔය අයගෙන් එක්කෙනෙක් ගුරු වෘත්තිය වසර ගානක් පින් පඩි ගත්තේ... එක අකුරක් උගන්නලා නැහැ. කොන්ඩේ ඇති කෙනා ගැනත් මුලුරටම කතා වෙනවා.. විපක්ෂය තුළ ඉන්නකම් මොනවා කළත් රෙද්ද උස්සාගෙන බැහැපු මිනිහා අද කෝ? ආපු වේගෙන්ම මාලිමාව බැහැගෙනත් යනවා...
අරවින්ද මොණරවිල Friday, 25 July 2025 05:35 PM
මෛත්‍රී කියන්නේ කවදාවත් දිනන්න නඩු දැම්ම මිනිහෙක් නොවෙයි, බොරු චෝදනා දාලා මේ ආණ්ඩුව බය කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක් විතරයි...