IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඇළ මාර්ග වෙනුවට නළ මාර්ග එයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ වාරි මාර්ග අංශයට නව ප්‍රවේශයක් ලෙස, වාරි ජලය නළ මාර්ග මඟින් බෙදා හැරීමේ පද්ධති හඳුන්වා දීම පිණිස වන නියමු ආදර්ශ ආකෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දිගු කාලීනව පවතින නියඟ හේතුවෙන් බෝග අස්වනු ප්‍රමාණය අඛණ්ඩව පහත වැටීම සහ ඉහළ යන වර්ෂාපතන තීව්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස පස්වලින් සාදන ලද ඇළ මාර්ග පද්ධති පරිහානියට පත් වීම, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ කුඩා ඉඩම් හිමි වගා කරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් ලෙස හඳුනාගෙන ඇත. එබැවින්, එම අභියෝගයන්ට විසඳුමක් ලෙස අඩු ප්‍රවාහන ක්ෂමතාවකින් ක්‍රියාත්මක වන විවෘත ඇළ මාර්ග වෙනුවට වාරි ජලය නළ මාර්ග මඟින් බෙදා හැරීමේ පද්ධති හඳුන්වා දීමට යෝජනා වී තිබේ. 

ඒ අනුව, ඒ සඳහා සවිස්තරාත්මක තාක්ෂණික අධ්‍යයනයක් වශයෙන් හෙක්ටයාර් 877ක පමණ වගා බිම් ප්‍රමාණයක් ආවරණය කරමින්, වෙනස් වූ නළ ජල වාරි මාර්ග ආකෘතීන් 03ක් යටතේ, ආදර්ශ වශයෙන් පෙන්වා දීම පිණිස නියමු ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නළ මාර්ග මඟින් වාරි ජලය බෙදාහැරීමේ පද්ධති යොදා ගැනීම හරහා සාම්ප්‍රදායික විවෘත ඇළ මාර්ග පද්ධතීන් තුළ සිදු වන වාරි ජල අපතේ යාම අඩු කිරීම, ජල හිඟයෙන් පීඩා විඳින ගොවින්ට සහනයක් ලබා දීම, ඉහළ වටිනාකමක් ඇති ආහාර බෝග වගාව වෙත කුඩා ඉඩම් හිමි වගාකරුවන් යොමු කිරීම, කෘෂිකර්මාන්තයේ කාන්තා සහභාගිත්වය ඉහල නැංවීම ආදී අරමුණු ළඟා කර ගැනීමට අපේක්ෂා කර තිබේ. 

ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් Co Japan Foundation for Prosperous and Resilient Asia and the Pacific (JFPR) සහ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් සපයනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.3ක ප්‍රදානයක් මඟින් සලසා දෙනු ලබන අරමුදල් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.68ක් යොදා ගනිමින් නියමු ආදර්ශ ආකෘති 03 ක් වයඹ පළාත තුළත්, තවත් එක් නියමු ආදර්ශ ආකෘතියක් ඌව පළාත තුළත් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

ඇළ මාර්ග වෙනුවට නළ මාර්ග එයි

අරවින්ද මොණරවිල Tuesday, 11 November 2025 07:13 PM

අනිත් එවුන් වගේමයි, මොනවා හරි විකාරයක් කරන්න හදනවා. අලුත් අලුත් දේ වලින් අලුත් විදියට ගහන්න පුළුවන්ද කියලා බලනවා ඇති. නැත්නම් මේවගේ මෝඩ යෝජනා ගෙනදෙයි ද? මෙච්චර වහින රටේ නිවැරදිව ඇල මාර්ග හදලා ඒවා සංරක්ෂණය කරන්නේ නැතුව විකාර කරනවා.

:       0       0

Kumar Wednesday, 12 November 2025 08:28 PM

ඇත්තටම ලංකාව හරි දියුණුයිනේ. මෙතරම්ම දියුණු කැලිෆෝර්නියාව උතුරේ සිට දකුණට ජලය ගෙන යන්නේ යෝධ ඇලකින්. ජල නල සපයන කොම්පැනියකටයි කොන්ත්‍රාත්තුව කරන කොම්පැනියටයි හොද කලක් ලැබිලා වගෙයි. ඒ වගේම දේශපාලුවෙකුටත් වාසනාවන්ත කලක් ලබයි.

:       0       0

Nimal Dissanayake Tuesday, 18 November 2025 02:27 AM

නව ක්‍රම පරීක්ෂා කර සත්‍යාපනය කළ යුතුය. පරිසර හිතකාමී දේවල් කිරීමට ආර්ථික වශයෙන් වලංගු, සමාජීය වශයෙන් පිළිගත හැකි සහ ප්‍රායෝගිකව කළ හැකි ක්‍රියා පටිපාටි අපට ඉතා පොරොන්දු වූ ක්‍රම සොයාගත හැකිය. ඉතා හොඳ පියවරක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site