
(ප්‍රසාද් රුක්මල් සහ රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1041 ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (26) පස්වරුවේ වටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්ව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
කොළඹ කොටුවෙන් පෙරවරු 6.30 ට බදුල්ල බලා ගමන් ආරම්භ කල මෙම අංක 1041 දරන ඇල්ල ඔඩිසි දුම්රිය ද්විත්ව දුම්රිය එංජිම කට්ටල දෙකකින් සම්න්විත අතර, එහි පසුපස එන්ජිම සමග දුම්රිය මැදිරියක් මෙසේ පිලීපැන ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීය .
දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානය ට ලගාවෙමින් තිබියදී එම දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ දුම්රිය ලූප් එක අසල දී මෙසේ දුම්රිය පිලීපැනීමට ලක්ව ඇති බවත් , එය යලි පිළිසකර කිරිමට මහනුවර දුම්රිය ස්ථානයයේ සිට දුම්රිය ආපදා සේවක කංඩායමක් පැමිණීමට නියමිත යැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
මේනිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට කිසියම් ප්‍රමාදයක් සිදුවිය හැකි යැයි දුම්රිය බළධාරින් පැවසුහ .
2025 ඔක්තෝබර් මස 08
1460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇල්ල ‘ඔඩිසි‘පිලී පනී
de silva Sunday, 26 October 2025 03:30 PM
ඔය මාර්ගයේ දුම්රිය ගමන් කරන උපරිම වේගය පැයට කිලෝමීටර් 40 වගේ, නමුත් පීලිපනිනවා... රට පුරාම දුම්රිය මාර්ග අබලන් නිසා දුම්රිය ධාවනය සිදු වන්නේ ඉතා සෙමින්, ආණ්ඩුවට මේවා රෙපයාර් කරන්න නම් සල්ලි නැහැ නමුත් ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පාඩු පියවන්න නම් දැනට අවුරුදු 2 කට පමණ පෙර ඩොලර් මිලියන 500 පමණ වියදම් කළා... ඊට පස්සේ පසුගිය වසර 2 තුළ නැවතත් රුපියල් බිලියන 7ක පමණ අලුතෙන් වියදම් කරලා එකේ පාඩු පියවන්න. හිටපු ආණ්ඩුවේ සහ අලුත් ආණ්ඩුවේ දේශපාලකයෝ කියන තරමක් කියන්නේ බොරු කරන තරමක් කරන්නේ ජනතා විරෝධී වැඩ..., රටේ සාමාන්‍ය ජනතාව භාවිතා කරන පොදු ප්‍රවාහන සේවයට මේ කුඩම්මාගේ සැලකිල්ල..., නමුත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වියදම් කරන්න නම් පසුබට වෙන්නේ නැහැ...