(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී සිදුවු මාරක විනෝද චාරිකා බස් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) පස්වරුවේ මිය ගිය බවත්, ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 16 දක්වා ඉහලගිය බව ඇල්ල පොලිසිය පවසයි .
තංගල්ල බෙලිඅත්ත පාර පදිංචි ව සිටි නාමලි ගමගේ (43) නැමති කාන්තාවක මෙසේ මිය ගොස් ඇතයි පොලිසිය කීය .
තංගල්ල නගර සභා සේවක පිරිසක් පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදු වූ අතර අනතුරින් 15ක් මියගොස් 18ක් තුවාල ලැබූහ .
මෙම මාරක විනෝද චාරිකා බස් රථ අනතුරින් දැනට බදුල්ල ශික්ශන රෝහලේ වාට්ටු අංක 11, 12,සහ 10 වාට්ටු වල කාන්තාවන් දෙදෙනකු සමග පිරිමි පුද්ගලයකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය සදහන් කලේය .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 1උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී කේ යූ ඩබ්ලිව් අබේගුණවර්ධන පොලිස් පරීක්ෂක එච් පී පාලිත උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇල්ල බස් අනතුරේ තවත් කතක් මරුට