IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ සිට බෞද්ධ දූතපිරිසක් දිවයිනට

ඇමරිකාවේ වෙසෙන වියට්නාම ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා , මෙහෙණින් වහන්සේලා සහ දායකදායිකාවන් ඇතුළු 86 දෙනෙක්ගෙන් සමන්විත බෞද්ධ දූත පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

මෙම පිරිස මෙරටට පැමිණියේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සෙන් ඇන්තෝනියෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති  උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේගේ උපදෙස්, මඟපෙන්වීම සහ අනුශාසනා ඇතිවය.

බෞද්ධ දූත පිරිස, ඇමරිකාවේ ටෙක්සාස්හි සෙන් ඇන්තෝනියෝ ලියන් හෝවා (Lien Hoa) බෞද්ධ විහාරයේ පූජ්‍ය තියෙන් ස්වාමින් වහන්සේ නායකත්වය ලබා දෙයි.

දූත පිරිස මහනායක වහන්සේ බැහැ දැකීම, ආගමික වැඩසටහන් වලට සහභාගී වීම, මහනුවර, අනුරාධපුර සීගිරිය හා දඹුල්ල ප්‍රදේශවල සංස්කෘතික හා පෞරාණික වටිනාකම් ඇති ස්ථාන නැරඹීම සහ භික්ෂූන් වහන්සේ උදෙසා අධ්‍යාපනික උපකාරයන් ලබා දීම සිදු කරනු ඇත.

 



අදහස් (0)

ඇමෙරිකාවේ සිට බෞද්ධ දූතපිරිසක් දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1040 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site