IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇමැති - සභාපති ගැටුම දුර යයි-සභාපති ගෙදර යයි

(රංජන් කස්තුරි)

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් සඳහන් කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත මහතා එම ආයතනයට සේවකයන් විසි දෙනකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි මහතා ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

රාජ්‍ය ඇමැතිවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

අලුත් සේවකයන්ට අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බවද එම ලපියේ සඳහන් කර තිබේ.

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවද එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවද දුලාන් හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කළ බවද සී නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බවද ඔහු ජනාධිපතිවරයාට දන්වා ඇත.

ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය සිවිල් ඉදිකිරීම්වලට අවතීරණය කිරීම, ඔස්ට්‍රේලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බවද ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

සිනෝර් සභාපතිවරයා නගන චෝදනා පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.

තමාට දෙන ඕනෑම අමාත්‍යාංශයක වගකීම නිසියාකාරව ඉටුකරන බව පැවසූ පියල් නිශාන්ත මහතා සඳහන් කළේ සී.නෝර් ආයතනයේ සභාපතිවරයා සමග තමාට කිසිදු ගැටලුවක් නොතිබූ බවය.

කිසිදු පුද්ගලයකුගේ සිත රිදවීමේ අදහසක් තමාට නොමැති හෙයින් සී නෝර් පදනම ගැන හෝ සභාපතිවරයා ගැන හෝ තමා වැඩි තොරතුරු සඳහන් නොකරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

 



අදහස් (29)

ඇමැති - සභාපති ගැටුම දුර යයි-සභාපති ගෙදර යයි

Nimal Friday, 22 March 2024 06:41 AM

මුගෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නයක් අහන්න බලන්න.මුන් ඔක්කොම එක වගේ හොර තක්කඩි .හැකි ඉක්මනින් ගෙදර යවන්න ඕනේ

:       2       76

Akila Friday, 22 March 2024 06:59 AM

අපරාදේ ලියුම් යැවුවේ , මේ දවස් වල රනිල් හාමු කරන්නෙත් ඕවම තමයි

:       3       68

ලුම්බිණි Friday, 22 March 2024 07:08 AM

රනිල්ට ඔය කිසි දෙයක වැදගත් කමක් නැහැ. මොන අන්දමකට හෝ බලයේ ඉන්නේ කොහොමද කියන එකයි එයාට වැදගත්.

:       8       87

NDF Friday, 22 March 2024 07:18 AM

මූ වාගෙ උන්ට රාජ්‍ය ඇමතිකම් දුන්නු එකාට බූ වලිගෙන් තලන්න ඕනි.

:       0       89

Prabha Friday, 22 March 2024 01:57 PM

මඩු වලිගයෙන් තලන්න ඕනේ... මොවුන්ව පාර්ලිමේන්තු එවපු අයට...

:       1       56

Piyal Nisantha Friday, 22 March 2024 07:35 AM

මේ වගේ කාලකන්නි ඇමතිලා ඉන්නකන් මේ රට ගොඩගන්න බැහැ.

:       2       81

Perera Friday, 22 March 2024 07:38 AM

නූගත් මැටි මෝල් ජාවාරම් කාරයින්ට රට කරගන්න කියලා උගතුන් බුද්ධිමතුන් රට දාලා යන එක පුදුම වෙන්න දෙයක් නැහැ

:       1       67

සෙනෙවිරත්න Friday, 22 March 2024 07:38 AM

ආයතන විනාශ කලේ යුනියන් කාරයො කියල වැලලෙන්න හදන අය මේක බලලවත් වෙච්චි සහ වෙනදේ තේරුම් ගන්න . ⁣මෙතන සභාපතිත් හොරෙක් නම් දෙගොල්ල එකතුවෙලයි ඕව විනාශ කරන්නෙ. තමන්ගෙ ගෝල බාලයොන්ට රැකියා දෙන සහ තමන්ගෙ උන්ට දන්දෙන තැනක් කියල තමයි වැඩ කරන්නෙ. ඉද්රියටත් මේ වගේ පාලනයක් ගෙනියනවාද නවතම බලවේගයකට පාලනය දෙනවාද කියල හිතන්න මේක හොඳ අවස්ථාවක් .

:       5       65

රාජේශ් ඛන්නාMonday, 25 March 2024 04:08 AM

හැමදාම බලයට ආවේ නවතම බලවේග තමයි. පොහොට්ටුව හදන වේලාවෙ ජී එල් තොර ගත්තෙ උගත් බුද්ධිමත් අපේක්ෂක මඩුල්ලක් කියල මේ පුවත් පතේම ඉහළින් වර්ණනා කළ නිසා මිනිසුන් මුලාවෙලා රටේම ප්‍රදේශීය සභාවල බලය 90% පොහොට්ටුව ලබාගත් බව අමතක ද? එය ප්‍රාදේශීය සබා බලයක් වුවත් එම බලයට අවනත වෙලා හිටපු රජය තනතරු දාල ගිය බව අමතක ද ? උගත් බුද්ධිමත් අපේක්ෂක මඩුල්ල දැන් කෝ. මොන නවතම බලවේග බලයට ආවත් වෙන්නේ ඔය ටිකමයි. සෝඩ බෝතලය කැඩුවා වගේ පටන් ගන්නෙ. අන්තිමට තනතුරුවලට පත් වන්නෙ ලොකු කටවල් තිබෙන මොළය උඩ වාඩිවෙන හැමදාම ඉන්නවා වගෙ අපතයෝ මඩුල්ලක්. අරගළය වෙලාවේ දැක්කනේ කොළඹට ආව සත්තුන්ගෙ හැසිරීම. කළයුත්තේ මොන පක්ෂයෙන් ආවත් රටට වැඩක් කරන්න පුළුවන් මඩුල්ලක් එකතුවෙලා පක්ෂ ගැන හිතල පැනල දුවන්නේ නැතිව රට ගැන හිතල රට වෙනුවෙන් වැඩක් කිරීමයි.

:       0       1

සෙනෙවිරත්න Friday, 22 March 2024 07:42 AM

සජබෙ ගෝලයො ⁣මීට වඩා වෙනස් වෙන්නෙ නැහැ. මතක ඇති ලොක්ක ඒ දවස්වල අර අරමුදලෙ සල්ලි අරගෙන රැකියා බෙදපු හැටි,ගෙවල් හදපු හැටි. ජාතියටම රටටම අදාල අරමුදලක් යොදවල තමන්ගෙ මැතිවරන බල ප්‍රදේශයකට විතරක් සහ ප්‍රතිලාභ දෙන්න හදපු අය කොහොමද ජාතික නායකයො වෙන්නෙ?

:       5       48

රටවැසියා Friday, 22 March 2024 07:44 AM

රාජ්‍ය ඇමතිවරයා පොහොට්ටුවෙ කෙනෙක් නිසා ඔහුගේ අදහස් කෙසේවත් පිලිගන්න බැහැ පොහොට්ටුවෙ ගම්මට්ටමින් ඉන්න කූඹුන් වගේ පොඩිම එවුනුත් ඔය වගේමයි මේ රටට මෙහෙම කෙලවුනේ ඔය වගේ දේශපාලුවො නිසා තමයි ඊළඟට ඔටුන්න හිමියාගේ දසමාර සේනාව ආවොත් ඔය තියෙන තත්වය තවත් දසදහස් ගුණයකින් වැඩිවේවි මේ ඇමති වගේ හොරු භංග වේවා මාලිමාවට ජයවේවා

:       3       55

උපුල් හෙලකුමාර Friday, 22 March 2024 06:14 PM

මාලිමාවට ජයවේවා...!

:       1       13

සෙනෙවිරත්න Friday, 22 March 2024 07:45 AM

ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් සම්මාදම් අරගෙන රට හදන නායකයො ජාතික නායකයො නෙවෙයි. තමන්ට බලය ආපුදාට ඒ ව්‍යාපාරිකයන්ට සලකන්න තව තවත් සීනි බදු පොල්තෙල් බදු සහන දෙන්න වෙයි. ඒක නිසා ඔය බෙදන ඒව ගැන දෙපාරක් හිතන්න..මේ බැටන් එක අරගෙන දුවන්න ලේස්ති අයට බලය දෙන්න එපා.

:       2       27

yaka Friday, 22 March 2024 07:53 AM

මේ වගේ බූරුවෝ ඇමැතිලා උනහම 2045දි වත් රනිල්ට රට සංවර්ධනය කරන්න වෙන්නැහැ

:       1       41

nihal Friday, 22 March 2024 07:53 AM

පියල් නිශාන්ත යනු පිස්සෙක්

:       0       139

අරවින්ද මොනරවිල Friday, 22 March 2024 08:07 AM

දඩාවතේ ගිය බල්ලෝ පාර්ලිමේන්තුවට ගෙනල්ලා උන්ට ඇමතිකම් අරගෙන දුන්නේ අර දූෂිත මජර නාකි මයිනායි. දැන් උන් දන්නවා උන්ගේ දේශපාලන ජිවිතයේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා, උන් පිස්සුවෙන් වගේ වැඩ කරන්නේ. දැන් ප්‍රසිද්ධියේ බුරන්න, කඩා පනින්න, සහ හපා කන්න දගලනවා. ඒ නිසා මුන්ව හැකි ඉක්මනින් බැදලා දාන්න වෙනවා.

:       2       144

anuranga Friday, 22 March 2024 08:53 AM

කෝ මේ මැක්ස් සහ බමුණුආරච්චී මේකට මුකුත් උත්තරයක් දෙනවද

:       1       97

TeambamunuFriday, 22 March 2024 12:18 PM

ඊළඟ අපේ රටේ ජනපති නාමල් රාජපක්ෂ

:       38       5

පිටරටවැසියා Friday, 22 March 2024 09:42 AM

ත්‍රස්ත්‍රවාදීන්. රටේ සුළුතරයක් බත් කන හරක්ට මෙවැන්නන් තවමත් රාජ්‍ය පාලනයට ඕන. සභාපති ගෙදර යයි, ඇමති තව- තවත් පිස්සු කෙළියි...මුලසුන ආශීර්වාද කරයි...

:       0       104

මැක්ස් Friday, 22 March 2024 09:42 AM

තුෂාන් ගුණවර්ධන, ජනක රත්නායක අංක 2 වගේ! චන්ද රස්නෙත් එක්ක ඔය වගේ නාට්ටි නැති උනොත් පුහු දුෂණ විරෝධීන්ට නිකං පාලුයි වගේ නිසා මෙවැනි දේ අවශ්‍යයි.

:       156       4

සමන්ත Friday, 22 March 2024 09:45 AM

මිනිස්සුන්ට ලොරි ටෝක් දෙන, ඒත් වැඩ වලින් අසූචීම ඉල්ලාගෙනම කන, මෙවැනි පාදඩයන් වහාම පාර්ලිමේන්තුවෙන් නෙරපා දමා රට බේරා ගත යුතුය​. කළුතර දිස්ත්‍රික්කයේ මිනිසුන් මෙවැනි පාදඩයන් නැවත පාර්ලිමේන්තුවට පත් කර නොඑවනු ඇතැයි යනු අපගේ ඒකායන ප්‍රාර්තනාවයි.

:       1       201

Ruwan Friday, 22 March 2024 09:58 AM

"අල්ලස් ඉල්ලන බවත්, ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් "...ඒ කියන්නේ ඇතැම් අවස්ථාවල අල්ලස් ලබාගෙන ඇමැතිතුමාටත් දීලා තියෙනවාද?

:       2       20

Rohana Friday, 22 March 2024 11:35 AM

ඉතින් ඇමතිත් ගෙදර යවමු.

:       2       35

sakalan Friday, 22 March 2024 12:02 PM

මේ මිනිහා O/L ළමයින්ට ටියුෂන් කරමින් හිටි කෙනෙක්. පොහොට්ටු කාරයින් මේකව පාර්ලිමේන්තු ගෙනාවා. ඔය ප්‍රාදේශීය සභාවල ඉඳලා පාර්ලිමේන්තු ආව බොහෝමයක් අයට තියෙන්නේ ලොකු හීනමානයක් ආයේ නම් මේ වගේ ත්‍රාඩයෝ කාටවත් මොන පක්ෂෙන් ආවත් ඡන්දෙ දෙන්න එපා...

:       1       39

de silva Friday, 22 March 2024 12:26 PM

පියල් නිශාන්ත රස්තියාදු කාරයෙක්

:       0       38

චන්දන Friday, 22 March 2024 01:09 PM

පාර්ලිමේන්තුවේ බහුතරයක් මේක වගේ කාලකණ්නි ඉන්නෙ ...

:       1       39

Athula Friday, 22 March 2024 03:23 PM

පොහොට්ටුවේ කොයින්ද මිනිස්සු..? මොවුන් පණපිටින් වලදාන්න ඕනෑ.. එයාව මම දන්නවා ඒ කාලේ ඉඳලා අලුත්ගම විද්‍යාලයට ගිය කෙනා... එයා හිතන් ඉන්නේ මහා ලොකු මිනිහෙක්.. කියලා...

:       1       20

Haris markkar Friday, 22 March 2024 10:48 PM

එකම විසඳුම මාලිමාව...

:       2       6

නන්දන Saturday, 23 March 2024 03:03 PM

ක්‍රීඩා ඇමැතිට කළදේ තමයි මෙයාටත් කරන්න තියෙන්නේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 367 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 991 7

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1134 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 721 1

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 93 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1373 2

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 350 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1735 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1574 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site