IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


ඇතැම් ආගමන විගමන ලොක්කන් පාතාලයන්ට පාස්පෝට් දීලා

(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික පොසොන් උත්සවය අමතමින් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී අද (10) පැවසීය.

 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්ව තිබෙන්නේ යැයි කී ජනාධිපතිවරයා එලෙස  පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙන බව සඳහන් කළේය. 

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙන අතර මෙම ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවේ යැයි ජනාධිපතිවරයා කීය.

මෙම රාජ්‍ය ආයතන පද්ධතිය නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා එම කාර්ය  අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.

ලංකාවේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුව තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.

පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතු යැයි ද ඒ සඳහා බෞද්ධ දර්ශනයෙන්   මඟපෙන්වීමක් ලබා ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

ඇතැම් ආගමන විගමන ලොක්කන් පාතාලයන්ට පාස්පෝට් දීලා

සෙනෙවිරත්න Tuesday, 10 June 2025 05:50 PM

හාමුදුරුවන් බොරුවට වර්ණනා කරලා හොඳ අහනවාට වඩා මේ යථාර්ථය පෙන්වාදීම තමයි අගයකළ යුත්තේ. බණ පද සීයකට වඩා උතුම් ඒක...!

:       6       26

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 10 June 2025 06:22 PM

ඇයි වටගලයා...! පාර්ස්පෝර්ට් කන්තෝරුවේ වැඩ බාරගන්න ආපු දවසේම, කොහේද යන අපතයෙකුට පාර්ස්පෝර්ට් 17ක්ම පටස් ගාලා හොරෙන් හදලා දුන්නේ...! හොරු අල්ලනවා නම් වටගලයාගෙන්ම පටන් ගන්න තඹුත්තේගම ලපයෝ !

:       25       25

නිහාල් Wednesday, 11 June 2025 10:56 AM

ඔයා එතැනට වෙලා ගල් ගිල්ලා වගේ බලාගෙන ඉඳලා දැන් කමෙන්ට් දානවා. හරි නරකයි ජයසාන්ත...

:       1       0

Asela Tuesday, 10 June 2025 06:48 PM

ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම බොරු කියන විට, කූට රාජ්‍ය සේවකයෙකුටත් එයින් ප්‍රයෝජන ගත හැකියි. මෙහි ඇතුළත් කර ඇති ආණ්ඩුවේ ඇමැතිවරයෙක් සිටී දැයි කවුද දන්නේ...? මේ කූට දේශයේ ඕනෑම දෙයක් කළ හැකියි. ඔබට 2/3 බලයක් තිබේ, ඔබට මරණ දඬුවම නියම කළ හැකිද? බිය ඇයි?

:       5       9

Prabath Tuesday, 10 June 2025 07:19 PM

කංජිපානි ඉම්රාන්ටද?

:       2       10

Hemantha Wednesday, 11 June 2025 02:55 AM

තාමත් ඉතින් ඕපාදූප කිය කියා විපක්ෂයේ දවස් වල වගේ ගැම්ම දීගෙන ඇවිදින්න. වැඩ කරන්න එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1052 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 434 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 561 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site