සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ රෝහල්වලට පමණක් නිකුත් කරන ශල්‍ය අත් වැසුම් තොගයක් මහනුවර පාමසියකින් සොයාගත් බව සෞඛ්‍ය නිලධරයෝ කියති. මේ අත් වැසුම්වල රාජ්‍ය ලාංඡනය ද මකා දමා තිබිණි. මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.ජී.කේ. දිසානායක මහතාට ලැබුණු තොරතුරකින් පසුව වැටැලීම කැරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වෙලාවට සේල්ස් රෙෆ්ලා වෛද්‍යවරුන් සොයාගෙන එනවා. ඇවිල්ලා තමන්ගේ කම්පැණියේ හදන බෙහෙත් වර්ග වැඩි මුදලට අසරණ දුප්පත් රෝගීන්ට නිර්දේශ කරන්න පොළවා ගන්නවා.හැබැයි රජයේ රෝහලේම එම බෙහෙත් වර්ගය රසායනික නාමය යටතේ අඩු මිලට නිකං දෙනවා.එත් වෙළඳ නාමය යටතේ රෝගීන්ට නිර්දේශ කරලා වැඩි මිලට පිට ෆාමසි වලින් මිලදී ගන්න අසරණ දුප්පත් රෝගීන්ව පොළඹවනවා. මේ කූඨ වැඩේට අදාළ වෛද්‍යවරයාට ඖෂධ කම්පැණිවලින් හොඳට සලකනවා.එතකොට වෛද්‍යවරයාට කීප ආකාරයකින් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ලැබෙනවා.එකක් රජයේ වැටුප.ප්‍රයවට් චැනල් කරලා හම්බ කරන මුදල තවත් එකක්.ඊ ළඟට මේ වගේ ඖෂධ කම්පැණි මඟින් ලැබෙන මුදල හා වෙනත් ප්‍රතිලාභ ආදී නොයෙකුත් දේ අසරණ දුප්පත් රෝගීන් සූරා කෑම නිසා වෛද්‍යවරයාට ලැබෙනවා.වෛද්‍යවරු හරි වෙනත් වෘත්තිකයෙකු හරි යැයි මෙහෙම දෙයක් කරන්නේ.ඒ සමාජ වටිනාකම, සමාජ පිළිගැනීම මුදල් හා වෙනත් ප්‍රතිලාභ හරහා හිමිවීම. අද හැමෝම සලකන්නේ සල්ලිවලට.සල්ලි තියෙනවා නම් බල්ලෝ මරලා හම්බ කළත් කමක් නැහැ.කවුරුවත් හම්බ කරපු ක්‍රමය හොයන්නේ නැහැ.ඒකට විශාල සමාජ පෙළඹීමක් තිබෙනවා.යමක් කරකියාගන්න බැරි මිනිහට කාත් කවුරුවත් නැහැ.සමස්තයක් වශයෙන් ගත්තම මම අහිංසක පුරවැසියෙක්. හැබැයි එහෙම කීවාම අහන්න එපා මට නිකම් ඉන්නවිට පිහියක් අරගෙන අනින්න ආවොත් මම අහිංසකව ඉන්නවද කියලා.එතකොට තත්වය මීට වෙනස්.ඒ නිසා හොඳ හෝ නරක අපි ජීවත්වන පරිසරයට සාපෙක්ෂ ඇගයුමක් ලෙස මින් නිරපේක්ෂ සත්‍යයක් ලෙස නොසලකන මෙන් ඉල්ලමි.
ලාල් ගලබඩ මහතාණනි,ඉතාලියේ සෞඛ්‍ය සේවයේ තත්වය කොහොමද?
"අපේ ගමේත් ඔහොම වෙනවා..." කියන සහෝදරවරු, එහෙම වෙන්න ඇරලා බලං ඉඳලා මේ වගේ තැනක කමෙන්ට් දානවට වඩා හොඳයි, තම පළාතේ ආහාර හා ඖෂධ පාලක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, හෝ අඩුගානේ පොලිසියට වත් නිශ්චිත තොරතුරු සමග නිර්නාමිකව හෝ පැමිණිලි කරන්න. යුක්තිය යනු අපට නොමිලේම ලැබෙන්නක් නොව එය අප සටන් කොට දිනාගත යුත්තකි. ඔබට ඊට කම්මැලි හෝ වෙලාවක් නැත්නම් මෙම තත්වය සදාකල් පැවතීමට ඔබත් දායක වී ඇත.
හිරමනේ පොල් ගානව මිසක් අල්මාරියේ දානවයැ..ඕවත් ලෙඩ්ඩුන්ටම තමයි..
මින් පසු මෙවැනි දේ නොවෙන්න වග බලා ගන්නා බව ඊලග පුවතින් අසන්න ලැබේ.නැතුව දඩුවම් කරපු බවක් අපි අසා නැත.ඔය වැනි දේ කොච්චරක් උනාද?
ලංකාවේ මේ වගේ දේවල් වෙන නිසා තමයි රෝහල්වල රෝගීන්ට බෙහෙත් නැත්තේ.ඒ වගේම ඒ නැති බෙහෙත් ෆාමසිවල විකුණන්න තියෙන්නේ.මේවා ඉතින් පොඩි තැන්වල වැරදි නෙවෙයි..ලොකු අයගේ අඩුපාඩු
අපේ සෞඛ්‍ය සේවය මේ කපේ ගොඩගන්න බෑ....
අපේ ඉස්පිරිතාලේ ඛෙහෙත් දෙන එකාට ෆාමසියකුත් තියනවා.ඒකෙත් ඔහොම්ම තමයි
මරණ මංචකයේදී මේ සියල්ලක්ම උපාධියක් ලෙස තමා අභිමුවට ගෙන එන්නේය. මෙ දේවල්වල අවසාන ප්‍රතිඵලය වනුයේ අවිචී නරකාදිය බව කවුරුත් දැනගනිත්වා.
සෞඛ්‍ය සේවය විතරක් නෙමේ.අපේ ලංකාවේ හැම සේවයක්ම මෙහෙම තමයි.මේක සිංහලයාගේම උපන් වරදක්.මේක හදන්න සක්කරයටවත් බෑ
ඔය වගේ දෙයක් අපේ ගමෙත් සිද්ධ වුණා.මෙවැනි දේවල් නැවත සිදු නොවීමට වග බලා ගත්තතොත් හොදයි
දුප්පත් ජනතාවට දෙන්න තියෙන දේවල් විකුණන් කන අයට රාජ්‍ය දඩුවම් දිය යුතුයි
අලිබබෝ, දන්නේ නැති නිසයි අහන්නේ. අවීචි මහා නරකාදිය තියෙන්නේ ඔයාලගේ ගෙවල් කිට්ටුවද? ඔයා ගිහින් තියෙනවද?
ඕකට නීතිය ක්‍රියාත්මක කරන්නේ බලාගෙන. මතකනේ තමන් කාපු පිගාන හෝදන්න බෑ කියලා ස්ට්‍රයික් කෙරුවා කාලයක්
සන්ජීව, ඔයා කොහොමද ඒ අයට රජය මාර්ගයෙන් දඩුවම් දෙන්නේ? කියන්න බලන්න
සන්ජීව, මේක ලංකාව