ආර්. පේ‍්‍රමදාස හිටපු ජනාධිපතිගේ 20 වැනි ගුණානුස්මරණය අද අලූත්කඬේ පේ‍්‍රමදාස පිළිරුව අසලදී පැවැත්විණ. හේමා පේ‍්‍රමදාස, දුලාංජලී පේ‍්‍රමදාස, සජිත් පේ‍්‍රමදාස ඇතුළු පවුලේ සාමාජිකයෝ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරු පේ‍්‍රමදාස ජනාධිපති පිළිබඳ ගුණ කථන කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙක්. මෙතුමාට අද උපහාර පිදීමටවත් පැමිණීමට බැරි අයගෙන් රටට ඇති පලය කිම. තම නායකයා අමතක කළ අයට කීමට ඇත්තේ එ ජා ප ය අවසන් ගමන් යමින් සිටින බවයි. (නි)
ප්‍රේමදාස මැතිදුනි, ඔබ නැති පාඩුව අපට දැනේ (නි)
හැට හතර දහසක් තරුණයන් රටට අහිමි වුණා. අන්තිමේ ඔහුත් නැති වුණා. (නි)
මුහුනු සයකි අත්දොලසකි මයුරා පිට වාහනේ රුහුනු රටේ කදිරකන්ද දේව රාජ සමිනේ මුහුනු බැදන් අපේ දරුවන් උස්සන්ගිය කාරනේ වානු බැරිය අවසන්විනි ගෙවුණු දරුණු පාලනේ... (නි)
මට දුක අහවලාට ඡන්දෙ දුන්නට. ඇන්න ටොක්ක දැන් ආපහු ඇදලා ගන්න බැහැනේ (නි)
ඔබ කළ අනුවණකම් ඔබටම පාරා වළල්ලක් වුණා. එහෙත් ඔබ හොද ජන නායකයෙක්. නමුත් ඔබ මුලා වුණා. අද රටේ සිදුවන දේවල් දුටු විට ඔබට සමාවක් දීමේ ගැටළුවක් නැහැ. (නි)
දුප්පත් මිනිසුන් ගැන සිතපු ජනාධිපතිවරයා අතිගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමායි. (නි)
අභීත නායකයාණෙනි, ඔබට නිවන් සුව...! (නි)
ලංකාවේ බිහිවුණ ජනතාවට වැඩක් කරපු එකම සහ නැවත බිහිනොවන එකම ජනාධිපතිවරයක්. ඔබගේ අඩුව අපට අද දැනෙනවා (නි)
යොහාන්,ඔබ හරි. කම්කරු දිනය සමරන්නේ, උතුමන්ලාට මල් මාලා දාන්නේ, පෙළපාලි යන්නේ අපේ ජනාධිපතිතුමා නිසා. දෙවිවරු වැනි උතුමන්ලා කොබ්බැකඩුව, කදිරගාමන්,රන්ජන් විජයරත්න, ඇතුලත්මුදලි, විජය, ගාමිණී දිසානායක වගේම ප්‍රේමදාසත් තවත් එක අකල් මරණයක්. නිවන් සුව පතනවා හැරෙන්න මොනවා කරන්නද? (නි)
දැන් ඉතින් එනවනම් එන්නේ සජිත් පුතා තමයි. (ස)
බොහොම වටිනා චරිතයක්
ආයෙමත් ප්‍රේමදාස යුගයක් බිහිකරන්න.(නදී)
ඔබට නිවන් සුව නිවන් සුව පතනවා මම
මම ඔබට ගරු කරනවා
අදටත් අපි ඇදගෙන යන්නේ මේ මනුස්සය පටන්ගත දේවල් නෙවෙයිද ?(නදී)
ඔබ කළ සේවය අපට කවදාවත් අමතක නැත. (නි)
ඔබ නියම නායකයෙක්
ප්‍රේමදාසතුමාව ඔපමණ වර්ණනා කරනවා නම් රනිල් තුමාවත් ඒ ට්‍රැක් එකට ගන්න බැරි ඇයි? (නි)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අවසාන ප්‍රායෝගික නායකයා.එවන් නායකයෙක් නැවත බිහිවෙන දවසට අපි ජීවතුන් අතර නැති වේවි .ඔබට මගේ ප්‍රණාමය සහ නිවන් සුව! (නි)
හාමුදුරුවොත් ගිහින් ඉන්නේ... (නි)
88,89 එහෙම අපට නම් තවම මතකයි. (නි)
ඔබතුමාට අපි නිවන් සුව පතනවා
ඔබතුමාට නිවන් සුව අත්වේවා (දී)
ඔබ නැති පාළුව රටට දැනෙන්නේ දැන් තමයි ගරු නායකයාණෙනි. ඔබ කළ බොහෝ හොඳ දේ තවමත් දිලිසෙනවා. දුප්පත් ජනතාවට තමයි ඔබ පියෙක් වුණේ. ඔබට නිවන් සුව පතමි (නි)
ඔබතුමාගේ අගය අර අම්මගේ මුහුනෙන් පෙනෙනචා. වචනයෙන් කියන්න බැරි ගොඩක් දේවල් ඒ මුහුනේ තියෙනවා. (නි)
ජාතියේ පිනට පහල වූ අසම සම නායකයාණෙනි, ඔබ අප අතරින් වියෝ වුයේ ජාතියේම අවාසනාවටය.ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව ලැබේවා තුමාට ,
ඔය කට්ටියට අද බයක් සැකක් නැතුව ඔතන යන්න පුළුවන වුණේ අපේ ජනාදිපතිතුමා සියල්ල ලස්සනට අවසන් කරපු නිසයි (නි)
අලුත් ආරම්භයකට හොඳ දවසක් වගෙයි. (නි)
ආර්. ප්‍රේමදාස මහතා වගේ නායකයෝ අද ලංකාවේ නැහැ. ඔබට නිවන් සුව. (නි)
අපිත් ඔබව අගයනවා
ඔබ අමරණීයයි. (නි)
දුප්පතාට ධෛර්යක් වුණ අභීත ජන නායකයාණෙනි, ඔබට අජරාමර නිවන් සුව පතමි...! (නි)
කොළඹ ඉපදිලා, සරමත්,කමිසයත්,සෙරප්පු දෙකත් පැළද, උදා ගමට,ගම් උදාවට ගොස් හිසට සෙවනක් ලබාදී, ගමේ තරුණියන්ට ගමේ ඇගලුම් කර්මාන්ත ශාලාවේ රැකියා, කැපකරු මා පිය ක්‍රමය,දරුවන්ට නොමිලයේ පොත පත, නිල ඇදුම්,පෝෂණ මල්ල,ජන සවිය,කලා කරුවන්ට ටවර් හෝල් පදනම , ක්‍රීඩකයින්ට ඛෙත්තාරාමය, බෞද්ධයන්ට " දහම් පහන", 88-89 ත්‍රස්‌තවාදී භීෂණයක නිමවා, නිවාස දස ලක්ෂයේ නිමාව.... 93 එල්.ටී.ටී.ඊ.නිගන්ට ප්‍රහාරය. මානව හිතවාදී ඔබතුමාට අජරාමර නිවන් සුව අත්වේවා! (නි)
ශ්‍රේෂ්ට නායකයෙක්. (නි)
ලංකාවේ බිහිවුණ ප්‍රායෝගිකම නායකයා. මගේ උපහාරය! (නි)
අපේ රටේ දුප්පතාගේ නායකයා (නි)
සැබෑ වීරයෙක්...ජන හද මනාව හඳුනාගත් නියම ප්‍රායෝගික ජන නායකයෙක්. අපරාදේ අදටත් ඉන්න වටිනා මිනිහෙක්. (නි)
හොද නායකයෙක් අපට නැති වුණා. අද ඔබ හිටියා නම් අපි මේ රටවල් වලට ඇවිත් දුක් වෙන්න ඕනෑ නැහැ. (නි)
එතුමා අද හිටියා නම් දුප්පතුන්ට සහනයක් ලැබෙයි. (නි)
ප්‍රේමදාස ජනාධිපති කළ ලොකුම වැරැද්ද උගතුන්ව අයින් කරපු එක. (නි)
ඔබ අද සිටියා නම් ! (නි)
අපි කවදාවත් ඔබ අමතකක නොකරමු. (නි)