(සුජිත් හේවාජුලිගේ)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) රාජ්‍ය ආයතන හයක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ සියලු තොරතුරු වාර්තා නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ළඟදීම භාර දීමට තීරණය කර ඇත.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සබරගමුව විශ්වවිද්‍යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතන හයේ දූෂණ සම්බන්ධ වාර්තා මෙසේ භාරදෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
ඉහත ආයතනවල සිදුව ඇති දූෂණ වංචා අතරින් බරපතළ කොටස් වෙනම තෝරාගෙන මෙසේ බාර දෙන බවද ඔහු සඳහන් කළේය.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධීන් පිළිබඳව විමර්ශන ආරම්භ කෙරෙනු ඇත.
මේ අතර විවිධ ඉඩම් අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන 17 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපතිවරයා පැවසීය.
කාබනික පොහොර ගනුදෙනුවට අදාළ වාර්තාවක්ද මේ දිනවල පිළියෙල කරගෙන යන බව නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආයතන හයක දූෂණ වාර්තා සීඅයිඩියට