IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ආනයනික අර්තාපල් - ලොකු ලූණු බද්ද ඉහළට

(යොහාන් භාසුර)

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට ඊයේ (26) සිට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය පැවසීය.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති අතර ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබේ.

මෙම බදු සංශෝධනය ඊයේ (26) සිට මාස තුනක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

දේශීය අර්තාපල් සහ ලොකු ලූණු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර දේශීය අර්තාපල් සහ ලොකු ලූණු අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ගොවීහු චෝදනා කළහ.



අදහස් (6)

ආනයනික අර්තාපල් - ලොකු ලූණු බද්ද ඉහළට

සුපුන් Wednesday, 27 August 2025 02:34 PM

දේශීය ගොවියත් ආරක්ෂිතයි. ආණ්ඩුවට බදු එන නිසා ආණ්ඩුවත් ආරක්ෂිතයි. එතනොට පාරිභොගිකයාට මොකද වෙන්නේ...?

:       1       7

sunil Wednesday, 27 August 2025 03:03 PM

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට විඳීමට සිදුව ඇත්තේ අමුතුම සුත්‍රයකි. අස්වනු නෙලන විට ලොකු ලුණු සහ අර්තාපල් මිල ඉහලට. අනික් කාලයේදී මිල පහලට.

:       0       3

sunil Wednesday, 27 August 2025 03:10 PM

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට අත් විඳීමට සිදුව ඇත්තේ අමුතුම සුත්‍රයක ප්‍රතිපලයි. අස්වනු නෙලන විට ලොකු ලුණු සහ අර්තාපල් මිල ඉහළට. අනික් කාලයට මිල පහලට. මෙවැනි අමුතු සුත්‍ර නැතිව වෙනත් උපාය මාර්ගයකින් ගොවියාද පාරිභෝගිකයාද රැක ගත යුතුයි. ඒ සඳහා වෙළඳ සහ කෘෂිකර්ම ලොක්කෝ සිතිය යුතුයි.

:       0       6

idr tharangaWednesday, 27 August 2025 03:58 PM

සුනිල් මහතා. මම මේ නිකම් අහන්නෙ. ලංකාවේ ලුණු ගොවියො ඒවා වගා නොකර හිටියනම් හොද නැද්ද. මොකද ලංකාවේ ලුණු අල අර ගානට ගන්න බෑ.

:       1       1

sunil Wednesday, 27 August 2025 03:11 PM

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට අත් විඳීමට සිදුව ඇත්තේ අමුතුම සුත්‍රයක ප්‍රතිපලයි. අස්වනු නෙලන විට ලොකු ලුණු සහ අර්තාපල් මිල ඉහලට. අනික් කාලයට මිල පහලට. මෙවැනි අමුතු සුත්‍ර නැතිව වෙනත් උපාය මාර්ගයකින් ගොවියාද පාරිභෝගිකයාද රැක ගත යුතුයි. ඒ සඳහා වෙළඳ සහ කෘෂිකර්ම ලොක්කෝ සිතිය යුතුයි.

:       0       4

de silva Wednesday, 27 August 2025 04:32 PM

ඉදිරි ඡන්දවලදී පාරිභෝගික අපේ ඡන්ද අවශ්‍ය නම් ආහාර වලට ගහන තීරුබද්ද වහාම අඩු කරගන්න... රටේ ජීවන වියදම අහස උසට, ඔය අස්වැසුම වැනි කෙහෙල් මල් අවශ්‍ය නැහැ. ආහාර මිල අඩු වෙනවා නම්, අපි සුකෝපභෝගී වාහන වැනි දේවල් ඉල්ලන්නේ නැහැ. ආහාර මිල අඩු කරන්න. එක එක කණ්ඩායම් ආරක්ෂා කරන්න අපට බදු ගහන එක අපි අනුමත කරන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14418 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 417 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 252 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site