
තායිලන්තයේ බැංකොක් නගරයට ආසන්නයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක ආදාහනය කිරීමට නියමිතව සිටි, මියගොස් ඇතැයි සැලකෙන කාන්තාවක් ජීවතුන් අතර සිටියදී කාර්ය මණ්ඩලය විසින් සොයාගෙන තිබේ.
වට් රැට් ප්‍රාක්හොංන්ග් තම් දේවාලයේ සාමාන්‍යාධිකාරී පයිරත් සූඩ්තූප් තුමා හට මිනී පෙටිටියට සිහින්ව තට්ටු කරන හඩක් ඇසී ඇති බවත් කාන්තාව මිනී පෙට්ටිය විවෘත තරන ලෙස ඉල්ලා සිටි බවත් පසුව පරීක්ෂා කිරීමෙන් පසු කාන්තාව මිය ගෝස් නොමැති බවත් වටහා ගත් බව සූඩ්තූප් තුමා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
තම සහෝදරිය මිය ගිය බව ප්‍රාදේශීය නිලධාරීන් තමාට පැවසූ බව කාන්තාවගේ සහෝදරයා පැවසු බවත් නමුත් පන්සලේ කළමනාකරු සහෝදරයා සතුව මරණ සහතිකයක් නොමැති බව පැවසු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාන්තාව ජීවතුන් අතර සිටින බව පැහැදිලි වූ පසු, පන්සලේ ආරාමාධිපති (බෞද්ධ ආරාමයක ප්‍රධානියා) තුමාගේ උපදෙස් පරිදි කාන්තාව වහාම රෝහලට ගෙන ගිය පසු වෛද්‍යවරයෙකු තහවුරු කර ඇත්තේ කාන්තාව දරුණු හයිපොග්ලිසිමියා රෝගයෙන් පෙළෙන බවයි.
එම රෝගය රුධිරයේ සීනි මට්ටම ඉතා පහත වැටෙන තත්වයක් බව විදෙස් ප්‍රාදේශීය වාර්තා පවසයි.
තම සහෝදරිය පසුගිය වසර දෙකක කාලය තුළ එක්තැන්ව සිටි බවත්, ඇගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමත් සමඟ පසුගිය දා ඇය හුස්ම ගැනීම නතර කළ බව පෙනුන බවත් කාන්තාවගේ සහෝදරයා පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ආදාහන උත්සවය සඳහා පවුලේ අය තායිලන්තයේ ෆිට්සානුලොක් පළාතේ සිට කිලෝමීටර් 500ක් දුරටකට පැමිණ ඇත.
(හසිනි නවෝද්‍යා)
2025 නොවැම්බර් මස 21
127
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
211
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1070
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආදාහනයට ගෙන ගිය තායි කතට පණ ඇවිත්
කෞෂි Wednesday, 26 November 2025 02:57 PM
අයියෝ ඕක මොකක්ද, ධමනි බ්ලොක් වෙලා, අයිසීයූ හිටපු අය ඒරොප්පේ යන්නේ, වෙඩින් වලට යන්නේ.