
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිට්වා සුළි කුණාටුවේ හානි සඳහා සහන ලබාදීම,උන් හිටි තැන් ලබාදීම ආදී සහන සියල්ල සිදුවන්නේ මන්දගාමී ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ රටේ සම්ප්රදාය නම් ජනතා සේවා ඉටුකරන්නේ රාජ්‍ය බලය ලැබුණාට පසුවයි.වත්මන් රජයට නොතේරෙන දෙයක් තිබෙනවා. මේ ආපදාවේදී අප සියලුම දෙනා එකතු කරගෙන විපතට පත් වූ අයට සහන දෙන්න හැම ආකාරයටම කටයුතු කළා.
එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කිව්වේ රජයේ ආපදා කළමනාකරණය ගැන නොවේ.මෙවැනි ආපදාවකදී මිනිසුන්ගේ එකමුතුවක් එයාගේ රටේවත් නුදුටු බවයි.එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කිව්වේ මේ රටේ ජනතාවගේ එකමුතුව ගැනයි.ඇමති තුමාට පරිවර්තනයේදී කුමක් හෝ ගැටලුවක් වුණාද කියා අප දන්නේ නැහැ. ඒකට එතුමට මුකුත් කියන්න බෑ.ඒකට වගකියන්න ඕන අප රටේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි විපක්ෂ නායකගේ අදහසක් දැම්මා. මොකද මේ හරියට ආණ්ඩුවේ පත්තරේ වගේ...