(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කටුනායක ගුවන්තොටුපළට පැමිණි ආණ්ඩුවේ තනකුරක් දරන දේශපාලකයකු ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැන තර්ජනය කර ලොකු කලබලයක් කර පිටව ගොස් ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
මෙම දේශපාලකයාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා අලුයම් කාලයේ පැමිණ ඇතැයි කියයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණ ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට ගොස් ඇතැයි ගුවන් තොටුපළේ උසස් නිලධාරීහු කිහිප දෙනෙක් පැවැසූහ.
ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් එම දේශපාලකයාට දැනුම් දී ඇතැයි කියති.
ඒම අවස්ථාවේ ඔහු ගුවන් තොටුපොළ ආරක්ෂකයන්ටද බැණ වැදී ඇතැයි කියන මෙම දේපාලකයා ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබෙන බව එම උසස් නිලධාරීහු කීහ.
ඔහු සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාවරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව දේශපාලකයාගෙන් ඉල්ලා ඇතැයි ගුවන් තොටුපොළෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
එයින් කුපිත වූ බව කියන දේශපාලකයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් ඇතැයි ද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවැසීය.
පහර කෑමට ලක්වූ බව කියන පෝටර්වරයා දේශපාලනඥයාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බව පැවැසේ.
දේශපාලකයාගේ මෙම ක්‍රියාව ගුවන් තොටුපොළ පුරා පැතිර යෑමට වැඩි වේලාවක් ගත නොවූ අතර මෙම සිද්ධිය මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇතැයි කියති.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ආණ්ඩුවේ ලොක්කෙක් ගුවන්තොටේ යකා නටයි
Napunsaka Media de Silva Thursday, 16 May 2024 09:10 AM
ස්වයං වාරණය කළ මාධ්‍ය නිදහස
NIMALThursday, 16 May 2024 05:44 PM
ලොක්කෙක් නොවේ ලොකු තනතුරක් ලැබිලා තියෙන මෝඩ දේශපාලකයෙක්
samThursday, 16 May 2024 08:13 PM
පහර කෑමට ලක්වූ බව කියන පෝටර්වරයාගේ සහයෝගයට සහ ඔහුට නීති උපදෙස් සහ අධිකරණ කටයුතු සදහා රජයෙන් සහයෝගය ලබාදී නිතිය නිසි ආකාරයට සිදුවන බවත් දේශපාලනඥයන් ඇතුළු සියලෝම නීතියට යටත් බවත් නිතිය සියල්ලනට සමානව ක්‍රියාත්මක වන බවත් පසක්විය යුතුවේ
මහසෙන් Thursday, 16 May 2024 09:21 AM
වෙච්ච සිද්දිය යි, වුණු වෙලාවයි,හිටිය අයයි ඔක්කොම දන්නවා හැබැයි මේක කල එකාගේ නම අපි හිතාගන්න ඕන.මේ කියන උන් විතර ද මාද්‍ය සදාචාරය අනුව හෙළි කරන්න සුදුසු නැත්තේ.අර වීසා ප්‍රශ්නයක් නිසා කැගැවුවා තරුනයාව මරාගෙන කන්න හැදුවා.නම ගම මූන එක්ක විස්තර දාලා.දැන් මේක කරපු එකා.ප්රෙහේලීකාවක්.ලංකාවේ මාධ්‍ය තමා මාධ්‍ය .
පිටරටවැසියා Thursday, 16 May 2024 09:23 AM
මේ තියෙන ක්රමයම රටට-ජනතාවට මහා විපතක්. මොවුන් නැවත නැවතත් දියවන්නාවට එන්නෙ සහ ඇවිත් ගොං පාට් දන්නෙ , මොවුන්ට රෙදි නැතිව රටේ කඩේ යන බත් බැලයන්-බත් කන ගවයන් නිසා. රට හරිමගට ගන්න මේ පවතින ක්‍රමය සහ මොවුන් සියල්ලම වෙනස් විය යුතුමයි.
Cisco Thursday, 16 May 2024 09:28 AM
ඔබ ඇමතිවරයාගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
NAMAL Thursday, 16 May 2024 09:31 AM
පර ආණ්ඩුවටයි , බලු පොහොට්ටුවටයි මේවගේ සිද්දවිය යුතුය.
Saththaya Thursday, 16 May 2024 09:32 AM
රට මේ තත්වයෙන් බේරා ගැනීමටනම් , රට හදන තැනට උගත් බුද්දිමත් යහපත් පුරවැසියන් යැවීමට කතිරය ගැසිය යුතුයි . මෙයට විසදුම ජීවිතේ පුරාවට පාරට වෙලා කෑගසන , කිසිම කර්තව්‍යකට පළපුරුද්දක් නැති , ජීවිතේ පුරාවට මහන්සියෙන් හම්බ කරපු පිරිස් වලට ඉර්ශියා කරන කම්මැලි පිරිසක් නොවේ . එවැනි අයට අනුන් විවේචනය කරන්න පුදුම සුදුසු කමක් තිබේ . නමුත් ඔවුන් හිස් සහ පුස් අනුන්ගෙන් යැපෙන පිරිස්ය .
NAMAL Thursday, 16 May 2024 09:34 AM
මහජන බදු මුදලින් වැජබෙන හිගන බල්ලන්ට මෙහෙම කරන්න පුලුවන්නන් උන්ට බදු මාර්ගයෙන් සිගමන් දාන පොදු ජනතාව මොවුන්ට විරුද්දව නැගී සිටිය යුතුය . මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
sakalan Thursday, 16 May 2024 09:36 AM
මෙන්න මේ වගේ සක්කිලි නිසා ආණ්ඩුවේ ඉන්න සමහර හොඳ මිනිස්සුත් අපහසුතාවයට පත්වෙනවා . ඔන්න ජනධිපති තුමනි කරනවානම් වැඩක් . මෙන්න මේ ගොන් වස්සාගේ ඇමතිකම ගලවන්න .
අබිලිංThursday, 16 May 2024 09:51 AM
ආණ්ඩුවේ ඉන්න එක හොද එකෙක් කියපන්කෝ සකලං. බාල බෙහෙත් (ඇත්තටම බෙහෙත් නෙවෙයි පල්වතුර) ගෙනත් මාට්ටු වෙච්ච එකාවවත් අස් නොකරපු පිනා මූව අයින් කරයිද?
JayasekaraThursday, 16 May 2024 10:06 AM
කොහොමත් ඔය ගොන් වස්සන්ගේ පට්ටම ඊළඟ ඡන්දේදී නැති වෙනවා...
Rata PerataThursday, 16 May 2024 11:48 AM
ජනපතිගේ ඉදලා තමයි මේවා එන්නේ
Lankabarana Thursday, 16 May 2024 02:41 PM
ජනාධිපතිතුමා ගොන් වස්සෝ පත්කරන්නෙ අපි ගොන් වස්සො පාර්ලිමේන්තුවට යවන නිසා තමයි ඉතින් අපි අපිම එකතුවෙලා පාර්ලිමේන්තුවට හරක් දැක්කීම නවතා දමමුකෝ නාමයෝජනා ලැයිස්තුවේ එක හරකෙක් හරි ඉන්නවා නම් එම පක්ෂය හෝ සංධානය ප්‍රතික්ෂේප කර වෙනත් පක්ෂයක් රජ කරමු
Prasath Thursday, 16 May 2024 09:48 AM
ඔබ ඇමතිවරයාගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි? ස්වයං වාරණය කළ මාධ්‍ය නිදහස.
සෞභාග්‍යයේ අනාගතය Thursday, 16 May 2024 09:49 AM
මහින්ද මාතියා දැන් නාමල් හෝ වෙනත් පොහොට්ටුවෙ එකෙක් ජනාධිපති තනතුර සදහා තරගෙට යවන්න අර අදිනවා කියලා පේනවා. ගුවන්තොටේ ඩෙගා නටල තියෙන්නෙ පොහොට්ටු කුක්කෙක් කියලා පැහැදිලියි. ඉතින් එහෙම එවුන් සිටින පක්ෂයක එකෙකුට නැවතත් රටේ බලයක් දෙන්න ජනතාව කැමතිද කියලා බලන්න ඕන
Nimal Thursday, 16 May 2024 09:50 AM
ළඟදීම මේ නොසන්ඩාලයා ගේ නම ගම දැනගන්න ලැබෙයි.මැතිවරණයකදී හොඳට සලකමු
යෝගා Thursday, 16 May 2024 09:55 AM
ඡන්ද කඩන මැෂින්.
ලුම්බිණි Thursday, 16 May 2024 10:20 AM
මෙයා ලොක්කෙක්ද නැත්නම් කුක්කෙක්ද? රනිල් මේවට මොකුත් නොකර බව ෂුවර්.
පිටිගල මිලානෝ Thursday, 16 May 2024 10:20 AM
මෙවන් අපත ගණයට වැටෙන කෙනෙක් ආණ්ඩුවේ ලොකු තනතුරක් දරන්නේ කෙසේද….? නොබෝ දිනකින් අළුත් ආණ්ඩුවක් පත්වූ විට වත් මේ ගැන පොලිසියට වාර්තා කරන්න.
ddd Thursday, 16 May 2024 10:33 AM
ඔබගේ වටිනා ඡන්දය සුදුස්සන්ට දෙන්න.. නුසුදුසු පුද්ගලයන් බලය දෙන්න එපා.. මේ වැරැද්ද කලේ අපි. අපිම මේ වැරැද්ද හදා ගන්න ඕනැ.. නීතිය සහ සාමය සැමට පොදු වෙන්න ඕනැ...
Homba Thursday, 16 May 2024 10:38 AM
මෙම නීච ඇමැතිව ආරක්ෂා කරන්න එපා..
DHARMATILEKE Thursday, 16 May 2024 11:10 AM
වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති කුපාඩිකම් ආපු කතිරයකින් පාර්ලිමේන්තුවට ගියපු ඇමැතියෙක්
casmir Thursday, 16 May 2024 11:11 AM
ඇයි මේ වන තුරු කිසිදු ගුවන්තොටුපල බලධාරියකු විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට දැනුවත් නොකලේ... මෙම අවිධිමත් ක්‍රියාව ගැන..
ජයනාත් Thursday, 16 May 2024 11:30 AM
ඒකාට ඇයි මර්වින් ට දුන්නු සප්පායම් නොදුන්නේ ?
සඳුන් Thursday, 16 May 2024 11:41 AM
නම් නොකළ ඇමැතිවරයාගේ හැසීරරීම් ස්වභාවය අනුව ඔහුගේ පක්ෂයේ ලාංඡනය නම් කොට වටිනා ත්‍යාගයක් දිනාගන්න. සෞභාග්‍යයවත් ලංකාවක් සඳහා ඉදිරියේදී එම පක්ෂය වටා පෙල ගැසෙන්න,
Ranjith Dubai Thursday, 16 May 2024 11:47 AM
කරුණාකර ඔහු වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න...
Mithrasiri Thursday, 16 May 2024 12:49 PM
මුව සමාජයට නිරාවරණය කරන්න ඕනෑ.
සෙනෙවිරත්න Thursday, 16 May 2024 12:58 PM
සත්‍යා, ඔව් නිකං කන, උන් බිහිකලේ ඔබ වැනි අය මෙතෙක් පත්කල අය නොවේද? ඔබ යටින් ප්‍රහාර එල්ල කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් රැක දෙන අයටමය. ඔවුන් නොවේ නම් මේ හැටියට වත් සිටිය නොහැකි වනවා ඇත. පසුපසදා ගුවන්තොටේ කතාකල තරුණයා වැනි අයට කරන උපහාසයකි මේ.
Dileepa Thursday, 16 May 2024 01:26 PM
කොන්ඳ පන නැති නිවටයෝ.. රූපවාහිනි සංස්ථාවෙ සේවකයන්ට මාගේ ප්‍රණාමය
බද්රානි Thursday, 16 May 2024 01:35 PM
මෙච්චර හරියක් වෙනකම් ගුවන් තොටුපොළේ ආරක්ෂක අංශ මොකද කලේ..? සාමාන්‍ය ජනතාව ඉදිරියේ වීරයින් මෙන් හැසිරී, ලොක්කන් ඉදිරියේ නිවටයින් මෙන් කොන්ද නවන ආරක්ෂක මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද ලංකාවේ අඩුවක් නැහැ...මාධ්‍ය කාරයින් වුණත් නැට්ට බඩ යට ගහගෙන තමයි වැඩ... පොඩි මිනිහෙක් අතින් වැරද්දක් වුණා නම්, ඔවුන්ගේ ජාතකේ ඉඳලම පත්තරේ පල වෙනවා... බලාගෙන ගියාම ලංකාවේ බහුතරයක් කුක්කෝ තමයි...
අරවින්ද මොනරවිල Thursday, 16 May 2024 01:46 PM
රනිල් රාජපක්ෂගේ වික්‍රමය ඕක තමයි, යන එන මං නැතිව හිටිය දේශපාලන තක්කඩියන්ට නැවත වතාවක් හයිරන්කාරකම් පෙන්වන්න අවස්ථාව සලසා දුන්නා, ඊළග වතාවේ බැරි වෙලාවත් සජිත් හරි රනිල් හරි ජනාධිපති වුණොත් අපිට වෙන්නෙත් ඔය ටික තමා පාඩද දේශපාලකයෝ එන විට කාණුවට බැහැලා ඉඩ දෙන්න වෙනවා නැත්නම් කනට ගහලා බෙල්ලත් මිරිකලා යයි.
ගමේ එකාලා Thursday, 16 May 2024 02:20 PM
කිසිම චාරයක් නැති දේසපාලුවෙක් .වෙන එකෙකුගේ නම් නම,ගම,විතරක් නෙවෙයි මුලු පැටිකිරියම දායි.ආරක්ෂකයෝ පිරිවරා ගෙන ආපු නිසා බය ඇති .
Deepal Nirosh Thursday, 16 May 2024 02:26 PM
ඒ පාර තව නූතන දුටු..මුණු කෙනෙක් බිහිවෙලා... මේ බැඳ දමවු.
wedage Thursday, 16 May 2024 03:25 PM
ප්‍රසන්න රණවීර කියලා මැටිවලට සම්බන්ධ ඇමති කෙනෙක් ඉන්නවානේ එයා තමයි
achini Thursday, 16 May 2024 04:09 PM
තවත් කාලකන්නියෙක්
විපරමා Thursday, 16 May 2024 04:16 PM
රාජ්‍ය ඇමතිවරයෙක් කියන අප්‍රසන්න දේසපාලුවෙක්ගේ වැඩක්. නීතීයෙන් දණ්ඩුවම් දිය යුතු නොසන්ඩාල වැඩක් කරලා තියෙන්නේ.
චන්දපාලThursday, 16 May 2024 07:00 PM
පහනේ තෙල් තියෙන තුරා පහන්තිරේ එළියදේවි කියලා කියමනක් තියෙනවා ඩෙගාට කියන්න කැමතියි පහනක් නිවෙන්න ආසන්න වෙලාවේ හොදින්ම බබලන බව ජනතාව දන්නවා කියලා
Mithrasiri Thursday, 16 May 2024 04:43 PM
මිරිස්කුඩු අප්‍රසන්නයා…
sumanasiri Thursday, 16 May 2024 09:55 PM
එයා තමයි මිරිස් කුඩු පාර්ලිමේන්තුවට ගෙනාපු කෙනා නමෙන් නම් ප්‍රසන්න වැඩ නම් අප්‍රසන්න
Mongol Ranaweera Thursday, 16 May 2024 10:11 PM
ලොක්කෙක් නෙවෙයි, සුනඛයෙක්. දැන් නෙ නම දන්නෙ. ප්‍රසන්න රණවීර
Gunawardena Thursday, 16 May 2024 11:30 PM
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ අයටද රට කරන්න දෙන්න යන්නේ...!
chandima Friday, 17 May 2024 12:58 AM
ගණන් ගන්න එපා. එයා ටිරාන්ගේ ගිවිසුමට කැබිනට් එකේ අත උස්සපු ඇමැති කෙනෙක්. එයාලාට බලේ තියෙනවා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වල එහෙම කරන්න. එයා ප්රභූවරයෙක්නේ... තේරෙන්නේ නැද්ද?
අපකීර්ති වර්ණකුලසූරිය Friday, 17 May 2024 02:13 AM
අර මිරිස් කුඩු ප්‍රසන්න තමා වැඩේ කරලා තියෙන්නේ...
Don perea Friday, 17 May 2024 02:45 AM
මේ කැලණියේ ඉන්න ගොන් වස්සා...
සෙනෙවිරත්න Friday, 17 May 2024 05:04 AM
වෙන කවුරුත් නෙවෙයි මිරිස්කුඩු ප්‍රසන්න, මැටි ඇමැති...
සෙනෙවිරත්න Friday, 17 May 2024 05:06 AM
ටිරාන් කොහේද හැංගිලා ඉන්නේ, අර ගුවන්තොටේ ප්‍රශ්න කරපු කොලුවාට දාපු ජාතිය ඔයි ඇමැතියාටත් දානකං අපි බලාගෙන ඉන්නවා, බුහ් බුහ් නොගහ වහාම පියවර ගන්න.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 17 May 2024 07:15 AM
මෙසේ අප්‍රසන්න ලෙස හැසිරුණු අප්‍රසන්න පොහොට්ටු කුක්කාට නිසි දඬුවම් ලබා දිය යුතුයි.රටේ සාමාන්‍ය මිනිහෙකු සුළු හෝ වරදක් කළ හොත් එයට උපරිම දඬුවම් ක්ෂණිකව ලැබේ.ඒත්, මේ පොහොට්ටු කුක්කා ඉදිරියේ නීතිය හා පොලිස්පති ඇතුළු පොලීසියද අන්ද මන්ද වී ඇති බව පෙනේ.