IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩු මන්ත්‍රීවරයෙක් සැරයන්ට තගක් දාලා

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

කසිප්පු කාරයකුට නඩු දැම්මැයි උරණ වූ  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු වැලිපැන්න පොලිසියේ කොස්තාපල්වරයකුට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවට ස්ථානාධිපතිවරයා පැමිණිල්ලක් කර ඇතැයි වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.

කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත්තයි උරනව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා "උඹ දඟලන්න හදන්න එපා. උඹව මම වවුනියාවට යවනවා දැනගනින්" යැයි පරුෂ වචන කියමින් පොලිස් සැරයන්වරයකුට බැණ වැදී ඇත.

එකී මන්ත්‍රීවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගෙන  සැරයන්වරයාගේ ජංගම දුරකථන අංකය ලබාගෙන එම තර්ජනය කර  ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි

එහිදී එම මන්ත්‍රීවරයා ස්ථානාධිපතිවරයාව දුරකථනයෙන් අමතා කවුද ඔය පොලිසියේ අජිත් කියන්නේ, ඔහුගේ පදිංචිය ආදී තොරතුරු විමසා, මිනිස්සුන්ට බොරුවට කසිප්පු නඩු දාලා කනටත් ගාලා මේ සිද්ධිය ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද? යනුවෙන් විමසා ද ඇතැයි දැනගන්නට ඇත

සිද්ධියට මුහුණ දුන් සැරයන්වරයා ස්ථානාධිපතිවරයා හමුවී සර් මන්ත්‍රීවරයා මට හොඳටම බැන්නා පරුෂ වචන කියලා .මාව වවුනියාවට මාරු කරනවා  කියලත් කිව්වා

මන්ත්‍රීවරයා ස්ථානාධිපතිවරයා සමග කළ සංවාදය සහ සැරයන්වරයා ස්ථානාධිපතිවරයාට පැවසූ තොරතුරු ද ස්ථානාධිපතිවරයා විසින් තොරතුරු පොතේ සටහන් දමා ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත

සිද්ධියට මුහුණ පෑ සැරයන්වරයා ඔහුට මන්ත්‍රීවරයා බැන වැදුණු දුරකථනයේ අංකයද යොදා ඒ  සම්බන්ධයෙන් සි පි අයි බි (2)   353/40 සටහන් යොදා ඔහුට සාධාරණයක් සිදු කරන ලෙසද ඉල්ලා ඇතැයිද  දැනගන්නට ඇත

එදින සිට මේ දක්වා සැරයන්වරයා රාජකාරියට වාර්තා කරන නැතැයි ද වැඩිදුරටත් දැනගන්නට ඇත

මේ සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා  උසස් පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි'



අදහස් (17)

ආණ්ඩු මන්ත්‍රීවරයෙක් සැරයන්ට තගක් දාලා

saman Wednesday, 11 June 2025 12:36 PM

එයා මන්ත්‍රී නොවෙයි කවුරු වුණත් කමක් නැහැ. රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගන්න. මාලිමාවේ එකෙක් නම් එයාට කියා දෙන්න ඔය වසල සංස්කෘතිය වෙනස් කරන්න කියලා ජීවිතේට අහලා දැකලා නැති ඔවුන්ට ඡන්දෙ දුන්නේ...

:       1       57

සමන් - ඕමානයWednesday, 11 June 2025 02:43 PM

මේ මොනවා කියනවද? අපේ මාලිමාවේ ඉන්නේ හොරකම්, මැරකම් කිසි දෙයක් නොකරපු, අනුන්ට තර්ජන ගර්ජන නොකරපු, මිනී නොමරපු, පොදු දේපල, අනුන්ගේ දේපල විනාශ නොකරපු, අති පාරිශුද්ධ පිරිසක් කියලා ඔයගොල්ලන් දන්නේ නැද්ද? ඔය කියන්නේ පසුගිය ආණ්ඩුව කාලේ වෙච්චි සිද්ධියක් ගැන වෙන්න ඇති..!

:       7       15

යෝගා Wednesday, 11 June 2025 12:52 PM

මේක හෝදන්න ඩෝබිලා අවශ්‍ය කර තිබේ. පැලවත්තෙන් සපයනු ඇතැයි බලාපොරොත්තු වේ...

:       19       26

ගමේ එකාලාWednesday, 11 June 2025 01:48 PM

කුරුණෑගල බාර් අයිති දූෂිත දේශපාලුවෙක් තමුන්ගේ හිතවතෙකුට දඩ කොළයක් දුන්නා කියලා පොලිස් නිලධාරියා ගෙන්වලා අතේ පයේ හිරි හැර ගත්තා. කුඩු කාරයෝ බේරගන්න පොලිසියට බලපෑම් කරපු දූෂිත දේශපාලුවෝත් උන්නු බව වහලුන්ට මතක නෑ වගේ. අපේ රට මේ තත්ත්වයට පත් කෙරුවේ හිට්පු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පාලකයෝ මිස වෙන කවුරුත් නොවෙයි.

:       9       14

maalaka Wednesday, 11 June 2025 12:56 PM

තියෙන තත්වය අනුව මේ කතාව විශ්වාස කරන්න අමාරුයි. ඇත්තක් නම් නිසි පියවර ගන්න.

:       8       36

රාළහාමි Wednesday, 11 June 2025 12:58 PM

මන්ත්‍රී කෙනෙක් කියලා කසිප්පු මුදලාලි කෙනෙක් කතා කරලා පරුෂ වචනයෙන් බණින්න ඇති. පොලිස් මහත්තුරු ඔහොම බයවෙන්න රාළහාමි...

:       5       29

Perera Wednesday, 11 June 2025 01:12 PM

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා – ඇත්තටම මෙයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් නම්, මිනිහට වඩා වරදිනවා 100% ස්ථිරයි.

:       0       9

මහසෙන් Wednesday, 11 June 2025 01:34 PM

නෑ එහෙම වෙන්න බෑ. ලංකාවේ නොවේ ලොවෙත් නැති මේ තරම් පාරිශුද්ධ ආණ්ඩුවක මන්ත්‍රීවරයෙක් එහෙම කුජීත වැඩ කරනවාද? කරුණාකර මේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර පරීක්ෂණ කරන්න. cid එකට පැමිණිලි කරන්න. ආ... තව කැබ්නට් ප්‍රකාශකතුමාගෙන් සත්‍ය විස්තරේ දැන ගන්න ඉවසන්න...

:       6       10

Nihal Dharmatileke Wednesday, 11 June 2025 01:41 PM

මන්ත්‍රීතුමා...! නිල ඇඳුමින් ඉන්නේ පොලිස් නිලධාරීන්ට ඔය පෙන්නන දේ වෙන තැනක දාගන්න කියන්න.

:       1       1

මාලිමාගැත්තා Wednesday, 11 June 2025 01:45 PM

කසිප්පු කාරයෝ, ත්‍රීවීලර් කාරයෝ එක මිටට පිහිටුවා ගත්තු ආණ්ඩුව නොවැ...!

:       12       17

Kamal Koyrala Wednesday, 11 June 2025 01:59 PM

මන්ත්‍රී කවුද කියලා දැනගන්න බැරි වුණාද? 

:       1       18

පිටරටවැසියා Wednesday, 11 June 2025 03:49 PM

ඇයි පොලීසියට කොන්දක් තිබුණේ නැද්ද රාජකාරියට බාධා කළා කියලා, මේ කියන මන්තිරියාව අත්අඩංගුවට අරං නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       12

කුකුල් චමින්ද Wednesday, 11 June 2025 03:54 PM

පැලවත්තෙන් ඩෝබිලා බ්‍රිගේඩ් එකක් ගෙනාවත් බෑ, යෝගා ඩෝබි හෝදන හේදිල්ල හෝදන්න. ඒක හිංදා ඔය අසූචි පොඩ්ඩත් එයාම හෝදපු දෙන්...

:       3       11

Basnayaka Wednesday, 11 June 2025 04:32 PM

මොනව, මේච්චර පාරිශුද්ධ, නිර්මල, නිකලැල් මාළිමාව? ඒක වෙන්න බැහැ. එයා ඉපදිලා තියෙන්නේ වෙන ආණ්ඩුවක කාලේ!

:       1       5

Athula Wednesday, 11 June 2025 04:44 PM

තනිකරම පට්ට පල් බොරුවක් මේක.. මේ ප්‍රශ්නයට මුහුණ දුන්න තරුණයා තිදරු පියෙක්.. ඔහු වැලිපැන්න පොලිසියට ගිහින් තියෙන්නේ ඔහුගේ ඥාතියෙකුට ඇප දෙන්න නමුත් ඔහුව කිසිම සෙවිල්ලක් නොමැතිව ඇප දෙන්න ආව මනුස්සයව lockup කරලා. කනට ගහලා... නඩුවකුත් දාලා මේ බොරුවට කසිප්පු ඇල්ලුවා කියලා. මේ වගේ දේවල් ලංකාවේ පොලිසිවල දුප්පත් මිනිස්සුන්ට දිනපතාම වෙනවා. කෝ සිස්ටම් චේන්ජ්..? මේ මන්ත්‍රී වරයා අහලා තිබුණේ ඇයි අහිංසක මිනිහෙක්ව නැති නඩුවලට චෝදනා කරලා අවනීතියක් කරලා තියෙන්නේ කියලා.. එහෙම පොලිසිවලට දුප්පත් මිනිසුන්ව තලා පෙලා දමන්න ඉඩ දෙන්න පුළුවන්ද..? මොවුන්ව යවන්න ගෙදර ඕකුන්ට කන්නවත් නැති කාලකන්නි පොලිසියට ගියාම ඕකුන්ට අලිඔළුව.. හීන මානේ නොදකින්..

:       1       7

රුබේරුවල Thursday, 12 June 2025 09:15 AM

උඹ ඔය කියන්නේ ඇත්තනම් පොලිසියේ එකාට බඩුම තමයි .අපි නොදන්න ශ්‍රී ලංකාවේ පොලිසිය .

:       0       1

Bunny Preena Thursday, 12 June 2025 09:52 AM

සත්‍ය ජය ගනී

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1118 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site