(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික ඉංජිනේරු ආචාර්ය නදීෂා චන්ද්‍රසේන විපෝ 2025 ගෝලීය සම්මාන උළෙලේදී හොඳම ජයග්‍රාහක/ජයග්‍රාහිකාවන් 10 දෙනා අතරට තේරී පත්වී ඇත. ආචාර්ය චන්ද්‍රසේන මහත්මිය සංවර්ධනය කරන ලද නවෝත්පාදන වැසි ජල කළමනාකරණ විසඳුමක් වන ස්මාර්ට් ඩ්‍රේන් සඳහා ඇයට මෙම සම්මානය හිමි වූවාය.
විපෝ යනු ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ ගෝලීය මුල පිරීමක් වන අතර එය බුද්ධිමය දේපළ, නවෝත්පාදන සහ නිර්මාණශීලිත්වය සඳහා කැප වූ එක්සත් ජාතීන්ගේ ආයතනයයි.
ස්මාර්ට් ඩ්‍රේන් යනු කුණාටු තත්වයකදී නාගරික ප්‍රදේශවල ජලය බැසයාම අවහිර වී ගංවතුර තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය කළ විසඳුමකි. අපද්‍රව්‍ය හේතුවෙන් ජලය බැසයන කාණු අවහිර වී තිබෙන අවස්ථාවලදී පවා ස්මාර්ට් ඩ්‍රේන් විසඳුමට ජලය කළමනාකරණය කිරීමේ හැකියාව පවතී. ද්විත්ව ස්ථර ව්‍යුහයකින් සමන්විත මෙය, කුණාටු ජලය නිදහසේ ගලා යාමට ඉඩ සලසන අතරම ප්ලාස්ටික් වැනි ඝන ද්‍රව්‍ය මාර්ගයෙන් ඉවත් කරයි.
ජල මට්ටම් තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීමේ හැකියාව ස්මාර්ට් ඩ්‍රේන් පද්ධතියට තිබෙන අතර ඉන් ගංවතුර අවදානම් වලට කල්තියා ප්‍රතිචාර දැක්වීමට නාගරික බලධාරීන්ට හැකියාව ලබාදේ.
පේටන්ට් බලපත්‍රයක්ද තිබෙන ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල දේශගුණික අභියෝගවලට මුහුණදීමට සංවර්ධනය කර ඇති ස්මාර්ට් ඩ්‍රෙන් පද්ධතිය රටවල් 95ක් පුරා අයදුම්කරුවන් 780කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කළ නවෝත්පාදන අතරින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආචාර්ය නදීෂාට ගෝලීය සම්මානයක්